ලෝකයේ රටවල් 72කින් පැමිණ සිටි බෞද්ධ නියෝජිතයන් දහසකට ආසන්න පිරිසක් මෙම සැසිවාරවලට සහභාගි වී සිටි අතර ශ්‍රී ලංකාවේ කතෝලික සභාවේ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ඇතුළු අන්‍යාගමික නායකයින් ගණනාවක් ද මෙහිදී අදහස් දැක්වූහ.
සම්මන්ත්‍රණ ශාලාවේ කාරක සභා ශාලා හතරකදී මාතෘකා හතරක් යටතේ පැවති මෙම සැසිවාරවලදී විවිධ රටවලින් පැමිණ සිටි ආචාර්යවරුන්, මහාචාර්යවරුන් ඇතුළු විද්වතුන් ගණනාවක් පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කළහ.
මෙම සැසිවාරවලදී සාකච්ඡා වූ කරුණු ඇතුළත් යෝජනා මාලාවක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රධාන ශාලාවේ පැවති අවසන් සැසියේදී සම්මත කෙරිණි.
අවසන් සැසියේ ප්‍රධාන දේශනය පැවැත් වූයේ අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසිනි.
මේ අතර එක්සත් ජාතින්ගේ වෙසක් දින උළෙලේ සමාප්ති උත්සවය හෙට (14) පස්වරු 3.00ට මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේදී නේපාල ජනාධිපති බිද්‍යා දේවි බන්ඩාරී මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.