වෙසක් දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත් කිරීම සඳහා අනූපමේය මෙහෙයක් ඉටු කළ හා බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය උදෙසා ජාතික මෙන් ම ජාත්‍යන්තර වශයෙන් සුවිශාල මෙහෙවරක් ඉටු කළ දෙපළක් වන මහාචාර්ය ගුණපාල පියසේන මලලසේකර මහතා සහ සහ හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා වෙනුවෙන් පුෂ්පෝපහාර දැක්වීමක් අද (13) පෙරවරුවේ දී කොළඹ දී සිදු කෙරිණි.
අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පුෂ්පෝපහාර දැක්වීම සිදු විය.
මේ අවස්ථාවට අතිපූජ්‍ය මහා සංඝරත්නය, කදිරගාමර් මැතිණිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක් වූහ.