මෙම සම්මන්ත්‍රණය මැයි මස 07 වැනි දා සිට 27 දක්වා දින 20ක කාලයක් පුරා චීනයේ ෂැංහයි නුවර East China Normal University හි දී මෙම සම්මන්ත්‍රණය පැවැත්වීමට නියමිතයි.
රටේ අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කළ හැකිවන්නේ මානව සම්පත් නිසියාකාරව සංවර්ධනය කිරීම මඟින් වන අතර, ඒ සඳහා, රටේ සියලු පාසල් නඟාසිටුවීම වෙනුවෙන් ඇපකැපවී කටයුතු කරන දක්ෂ විදුහල්පතිවරුන් පිරිසක් රට තුළ නිර්මාණය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් හා මග පෙන්වීම මත වැඩසටහන් රැසක් අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාත්මක කර තිබේ. එහි එක් පියවරක් ලෙස දේශීය මෙන්ම විදේශීය පුහුණු අවස්ථා o විදුහල්පතිවරුන් සඳහා ලබාදීම සිදු කෙරේ.
මෙම අවස්ථාවට අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා, අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන, මානව සම්පත් සංවර්ධන අධ්‍යක්ෂ එස්. තිලකසිරි, විදේශ කටයුතු අධ්‍යක්ෂිකා කුමාරි පිරිස්යාල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක් වූහ.