ඒ මහතා ප්‍රකාශ කළේ මේ මගින් අසාධාරණයට ලක්වන්නේ සමස්ත ජනතාවගේ ම දරුවන් බැවින් ජනතාව මෙම අසාධාරණයට එරෙහිව නැගීසිටීමට පියවර ගත යුතු බවයි.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයේ 27වන සංවත්සර උත්සවයේ ඊයේ (04) පැවති සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්.
පසුගිය සමයේ ඇති වූ අධික උෂ්ණත්වය සහිත කාලගුණික තත්ත්වයත්, ඩෙංගු උවදුර ව්‍යාප්තවීම සහ වෛරස් උණ රෝගය ව්‍යාප්ත වීමේ අවදානම් තත්වයන් හමුවේ වුව ද සුදුසු විකල්ප වැඩසටහන් ක්‍රියාත්මක කරමින් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල්වීම වළක්වා ගැනීමට පියවර ගනු ලැබුවේ පාසල් දරුවන්ට අධ්‍යාපනය ලබාගැනීමට ඇති අයිතිය තහවුරු කරදීම රජය වගකීමක් ලෙස සැලකූ නිසා බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
අද රාජ්‍ය බලය ගිලිහී ඇති එවකට දුර්දාන්ත ලෙස රට පාලනය කළ කණ්ඩායම් මෙරට තුළ SAITM වැනි නිසි නියාමනයක් නොමැති පුද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට පියවර ගත් බව සිහිපත් කළ අමාත්‍යවරයා එම විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන දරුවන් අපහසුතාවයට පත් නොකිරීමට සහ පසුගිය රජය විසින් සිදු කළ අවිධිමත් ක්‍රියාකාරකම් තුළින් ජනතාවට ඇතිවන ගැහැට වළක්වාලමින් රට විධිමත් මාවතකට අවතීර්ණ කිරීම සඳහා වත්මන් රජය කැප වී කටයුතු කරන බව ද සිහිපත් කළේය.