අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යොවුන් දැල් පන්දු කණ්ඩාම දකුණු කොරියාවට Featured

    අප්‍රේල් 29, 2017

    10 වන දකුණු ආසියානු යොවුන් දැල් පන්දු තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම හෙට (30) දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතය.

    මෙවර කණ්ඩායමේ නායකත්වය නදී මදුෂිකා ප්‍රනාන්දු හෙබවන අතර උප නායකත්වය දරන්නේ හෂිනි පෙරේරායි.

    ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිනිය ලෙස තමරා ලියනගේ මහත්මිය කටයුතු කරයි.

    පසුගිය වසරේ ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායම ශූරතාව දිනා ගනු ලැබීය. මෙවර කණ්ඩායමට පාසල් මට්ටමේ මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රැසක් ලබා ඇති දක්ෂතා සහිත ක්‍රීඩිකාවන් ඇතුලත්ය.

    මින් පෙර අවස්ථා 2 කදී ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායම ශූරතාවය දිනා ඇති අතර අවස්ථා 4 කදී අනුශූරතාවය දිනා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya