අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපන ඇමැතිගෙන් පාසල් ප්‍රජාවට විශේෂ වැඩපිළිවෙළක්

    අප්‍රේල් 28, 2017

    මේ වන විට බරපතල පාරිසරික ගැටලුවක් බවට පත් වී ඇති කැළි කසල ගැටලුවට පිළියම් යෙදීම සඳහා පාසල් මට්ටමින් විශේෂ වැඩපිළිවෙළක් දියත් කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තීරණය කර තිබේ.

     කැළි කසල ගැටළුව සඳහා තිරසාර විසඳුම් ලබාදීමට අවශ්‍ය මගපෙන්වීම පාසල් දරුවන් හරහා සමාජගත කරමින් කසල කළමනාකරණය සඳහා පාසල් ප්‍රජාව දැනුවත් කිරීම සහ ඔවුන් ඒ සඳහා ප්‍රායෝගිකව සම්බන්ධ කරගැනීම මෙම නව වැඩසටහනේ අරමුණයි.

    පාසල් දරුවන් ලක්ෂ හතළිස් පහක් සහ ගුරුවරුන් දෙලක්ෂ තිස් දහසක් පාසල් ප්‍රජාවට සෘජුව ම සම්බන්ධ වන අතර පාසල් දරුවන් හරහා ඔවුන්ගේ මව්පියන් ඇතුළු සමස්ත ප්‍රජාවට කැළි කසල කළමනාකරණය පිළිබඳ පණිවිඩය ලබාදීමට හැකියාව පවතී.

    අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍ර‍කාශ කළේ මෙම තත්ත්වය මත වැඩි ම ජනතාවකට කැළි කසල කළමනාකරණය පිළිබඳ පණිවිඩය සමාජගත කිරීම සඳහා පාසල හා පාසල් ප්‍රජාව සම්බන්ධ කරගැනීම වඩාත් ප්‍රායෝගික වැඩසටහනනක් වන බවයි.

    එමෙන් ම මේ සම්බන්ධයෙන් පාසල් ගුරුවරුන් දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් ඒ හරහා කසල කළමනාකරණ වැඩසටහන් ප්‍රායෝගිකව දරුවන්ගේ සහභාගිත්වය ද ලබාගනිමින් පාසල් පරිශ්‍රයන් තුළ ක්‍රියාත්මක කිරීමට ඔවුන් යොමු කරවන ලෙස ද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. මීට අමතරව පාසල් දරුවන් හරහා ගෘහස්ථ කසල කළමනාකරණය පිළිබඳ විධිමත් දැනුම මව්පියන් සහ වැඩිහිටියන් අතරට ගෙනයාමට ද සැලසුම් සකස් කරන ලෙස ද අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

    එමෙන් ම දිවයිනේ සියලුම පාසල්  සඳහා කසල කළමනාකරණයට අදාළ කසල බඳුන් සහ කොම්පෝස්ට් බඳුන් ලබා දීමට කටයුතු කරන ලෙසට ද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. මීට සමගාමීව පාසල් මට්ටමින් ගෙවතු වගාව පිළිබඳව දරුවන් උනන්දු කරමින් දිරා යන කැළි කසල පොහොර ලෙස යොදාගැනීම සම්බන්ධ දැනුම දරුවන්ට ලබා දීම පිළිබඳ අවධානය යොමු කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.

    මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ

    ඒ මහතා සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සදහා පාසල් ප්‍රජාව මෙන් ම රටේ සියලු පුරවැසියන් සක්‍රීයව දායකවීම කාලීන අවශ්‍යතාවක් වන බවයි.

    එමෙන් ම කලින් කලට කසල කළමනාකරණය සම්බන්ධයෙන් සිදු කරන ලද අසාර්ථක ව්‍යාපෘතින් ගොන්නට මෙම ව්‍යාපෘතිය ඇතුළත් නොවන පරිදි එය සක්‍රීයව පවත්වාගෙන යාම සඳහා විශේෂ අධීක්ෂණ ක්‍රියාවලියක් දියත් කරන ලෙස ද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya