මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුරු සහයක දීමනාව ඉහලට

    අප්‍රේල් 29, 2017

    වතු පාසල් සහ දිවයිනේ වෙනත් පාසල් වල සේවයේ නිරත ගුරු සහයකයින්ට රජය විසින් ලබාදුන් රුපියල් 6,000 ක දීමනාව රුපියල් 10,000 දක්වා ඉහල නැංවීමට රජය තීරණය කර තිබේ.

     ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් කරන ලද ඉල්ලිමක් මත මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    ගුරු සහයකයින් විසින් සිදුකල ඉල්ලීම් මෙන්ම පවත්නා ජීවන වියදමද සැලකිල්ලට ගනිමින් අමාත්‍ය වරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත යොමුකළ පත්‍රිකාවකට ලද අනුමැතියට අනුව මෙම දීමනාව වැඩිකිරීම සිදුකර ඇති අතර එය 2017 වසරේ පෙබරවාරි මස 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි ගුරු සහයකයින් වෙත ලබාදීමට තීරණය වී තිබෙන බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya