අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කසළ කළමනාකරණය විධිමත් කිරීම පිළිබද සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන් .... Featured

    අප්‍රේල් 25, 2017
    මීතොටමුල්ල කසළ කන්ද නායයෑමෙන් විපතට පත් පවුල් සදහා තාවකාලික නිවාස ලබාගැනීම වෙනුවෙන් මසකට රුපියල් 50,000 බැගින් මාස තුනක කාලයක් ගෙවීමට නියමිත මුදල, එකවර එම පවුල් වෙත ලබා දෙන ලෙස ජනාධිපතිතුමා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. තාවකාලික නිවාස ලබාගැනීමේදී ගෙවිය යුතු අත්තිකාරම් මුදල් ගැටලූ මගහරවා ගැනීම මෙමගින් අපේක්ෂා කෙරේ.
    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල කසළ කළමනාකරණය විධිමත් කිරීම පිළිබද අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ය.
    කුණු කසළ කළමනාකරණය සදහා පළාත් පාලන ආයතන සකස් කර ඇති සැලසුම් ඉදිරිපත් කරන ලෙස ද මෙහිදී නිලධාරීන් දැනුවත් කළ ජනාධිපතිතුමා, සියලූ පළාත් සහකාර කොමසාරිස්වරුන්ට තමා හමුවීමට කැදවීමක් කරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
    තවද කැළි කසළ කළමනාකරණය වෙනුවෙන් පුහුණු සහ නිරීක්ෂණ කටයුතු සදහා පසුගිය වසර 05 ක කාලය තුළ විදේශ ගතවූ නිලධාරීන් පිළිබද වාර්තාවක් ලබා දෙන ලෙසට ද ජනාධිපතිතුමා පරිසර අධිකාරියට නියෝග කළේය.
    මෙහිදී අදහස් දක්වමින් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සඳහන් කර සිටියේ  මීතොටමුල්ල කසළ කන්දේ අවදානම මේ වනවිට පාලනයට යටත් කර තිඛෙන බවත් ඉදිරි මාස දෙකක කාලය තුළ ඒ සඳහා අවසන් තීරණයකට එළැඹෙන බවත්ය.
    කසළ කළමනාකරණය වෙනුවෙන් කොළඹ නගර සභාව ඉදිරි කාලයේදී අනුගමනය කිරීමට අපේක්ෂා කරන ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී අදහස් ඉදිරිපත් වූ අතර ඒ අනුව ඉදිරියේදී කසළ කදු නිර්මාණය වීමට කිසිදු ඉඩක් නොතබන බව ද නිලධාරීහු ජනාධිපතිතුමාට සහතික වූහ.
    මේ අවස්ථාවට අමාත්‍යවරුන්වන සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, පාඨලී චම්පික රණවක, සජිත් ප්‍රේමදාස, ෆයිසර් මුස්තාෆා, සාගල රත්නායක, වජිර අබේවර්ධන, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පා.ම. එස්.එම්. මරික්කාර් යන මහත්වරුන් ද, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ඇතුඑ අමාත්‍යාංශ ලේකම්වරු, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති ඇතුඑ රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. 

    ( ඡායාරූප : චන්දන පෙරේරා - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya