අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරට භූමිගත දත්ත සහ තොරතුරු පද්ධතියක්

    අප්‍රේල් 25, 2017

    ශ්‍රී ලංකාවේ භූමිගත දත්ත සහ   තොරතුරු ඇතුලත්  ජාතික මට්ටමේ භුමිගත තොරතුරු යටිතල පහසුකම් පද්ධතියක් (Sri Lanka National Spatial Data Infrastructure) සකස් කෙරේ.



    ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සහ නිර්නායකයන්ට  අනුව මෙම දත්ත පද්ධතිය සකස් කෙරෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය(ICTA) පවසයි.

    ප්‍රධාන අංශ 12 ක් පමණ මුල් කර ගනිමින් මෙම දත්ත සහ තොරතුරු පහසුකම්  පද්ධතිය සකස් ‍කෙරේ.

    මේ යටතේ අධ්‍යාපන ප්‍රවාහන, සෞඛ්‍යය, කෘෂිකාර්මික,වාරිමාර්ග, ආපදා කලමණාකරණ,වනජීවී සහ වන සංරක්‍ෂණ,කාලගුණික හා දේශගුණික ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ආදී අංශ යටතේ තොරතුරු එක්රැස් කෙරේ.


    ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු සැලසුම් කිරීම මෙන්ම මෙරට ජනතාවගේ ජීවන තතත්වය නගා සිටුවීම ආදී කටයුතු වලදී මෙවැනි තොරතුරු පද්ධතියක් බෙහෙවින් වැදගත් වන බව නියෝජිතායතනය පවසයි.

    තවද විශේෂයෙන් ආයෝජකයින් හට ආයෝජන සදහා සුදුසු ප්‍රදේශ හඳුනා ගැනීම ආයෝජනයන්හි අවදානම හෝ සුරක්‍ෂිතතාවයන් හඳුනා ගැනීම මෙවැනි පහසුකමක් තුළින් ඇතිවන සේවාවකි.

     එමෙන්ම ආපදා කළමණාකරනය වඩාත් ප්‍රායෝගික වීමත් තොරතුරු හුවමාරුකර ගැනීමට වඩාත් පහසුවීමත් තුලින් නිවැරදි තීරණ ගැනීමට හැකිවීමද තවත් ‍සේවා අංශයක් ලෙස හැදින්විය හැකිවේ.

    මෙම ජාතික භූමිගත තොරතුරු පද්ධතිය වඩාත් සාර්ථකව හා ස්ථාවරව පවත්වාගෙන යෑම සදහා අවශ්‍යය වන්නා වු නීතිමය හා ප්‍රතිපත්තිමය රාමුවක් ඇති කිරීමද මෙයට සමගාමීව සිදු කෙරෙන්නා වු තවත් ක්‍රියාවලියකි.

    තවද මෙමගින්  භූමිගත තොරතුරු බාධාවකින් තොරව හුවමාරු කර ගැනීමට  පහසුවන ප්‍රතිපත්ති රාමුවක්ද සකස් කිරීමට අපේක්‍ෂා කෙරේ.
    මේ අනුව ඇතිවන ප්‍රථිලාභ හා කාර්යක්‍ෂමතාවය ජාතික සංවර්ධනයට වක්‍රව හා සෘජුවම දායක වේ.  

     එමෙන්ම නිරන්තරයෙන් යාවත්කාලීන වු නිවැරදි භූගෝලීය   තොරතුරු ලබා ගැනීම මෙන්ම ආයතන කිහිපයක් අතර  පහසුවෙන් දත්ත  හුවමාරු කර ගැනීමේ දැනට පවතින ඇතැම් දුෂ්කරතා මෙම ව්‍යුහයත් සමග මග හැරී යනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

    මෙම තොරතුරු එක් රැස් කිරීම සදහා සාමාජික ආයතන වලට අනුබද්ධ වු  ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සහාය ලබා ගැණේ.

    මේ සමඟම ස්ථාපිත කිරීමට නියමිත ජාතික භූමිගත දත්ත සහ යටිතල පහසුකම් මධ්‍යස්ථානය (NSDI) යටතේ මෙම කටයුතු තවත් පුළුල් ලෙස කර ගෙන යෑමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya