අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ආදර්ශයක් – අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සභාපතිවරයා කියයි Featured

    අප්‍රේල් 26, 2017

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා බලයට පත්වීමෙන් පසු ව්‍යවස්ථා සංශෝධනයක් මගින් විධායක ජනාධිපති ධූරයේ අසීමිත බලතල අඩුකර එම බලතල පාර්ලිමේන්තුවට පැවරූ ආකාරය ලොව පුරා පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මහඟු ආදර්ශයක් බව අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සභාපති Saber Chowdhury මහතා පවසයි.

    අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සභාපතිවරයා,(25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාවේදී මේ බව ප‍්‍රකාශ කළේය.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මෙම වැඩපිළිවෙළ තුළින් ශී‍්‍ර ලංකාවේ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත්වී ඇතැයි ද සභාපතිවරයා පැවසීය.

    ලොව ඇතැම් රටවල විධායක ජනාධිපතිවරු පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක්කරන අතර තවත් ඇතැමුන් සිය බලතල සහ ධූර කාලය ජනමත විචාරණ මගින් දීර්ඝ කර ගන්නා බව පෙන්වා දුන් සභාපතිවරයා අද ශී‍්‍ර ලංකාව, පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ට නිසි මග පෙන්වන ආලෝකයක් ලෙස පෙන්වාදිය හැකි බවද කියා සිටියේය.

    අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සභාපතිවරයා පිළිගනිමින් අදහස් දැක්වූ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව තුළ තරුණ සහ කාන්තා සහභාගිත්වය වැඩිදියුණු කිරීමට අන්තර් පාර්ලිමේන්තු සංගමය ගන්නා ප‍්‍රයත්නය පිළිබඳ තම සතුට පළ කළේය.

    ශී‍්‍ර ලංකාවේ පාර්ලිමේන්තුව තුළ කාන්තා සහභාගිත්වය වැඩි කිරීම සඳහා මැතිවරණ නීති සම්පාදනය කරමින් පවතින බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    ලොව ජනගහණයෙන් සියයට 50 ක් පමණ වයස අවුරුදු 30 ට වඩා අඩු නමුත් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගෙන් වයස අවුරුදු 30 ට අඩු සංඛ්‍යාව සියයට 1.9 ක් පමණක්ය යැයි පෙන්වා දුන් අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සභාපතිවරයා මෙම තත්ත්වය නංවාලීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය.

    උගත් තරුණයින් වැඩි වැඩියෙන් රජයේ සහ පාර්ලිමේන්තුවේ වගකීම් දැරිය යුතු බව තමා විශ්වාස කරන බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya