අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආයෝජන රැසක් ශ්‍රී ලංකාවට Featured

    අප්‍රේල් 24, 2017

    ආර්ථික විනිවිදභාවය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථාවන් තවදුරටත් පුළුල් කිරීමට අමෙරිකානු වාණිජ මණ්ඩලය එකඟත්වය පළ කළ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙරට මූල්‍ය විනය සම්බන්ධයෙන් ද වාණිජ මණ්ඩලයේ පැසසුම් හිමි වූ බවයි.

     

    ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අර්ධ වර්ෂික සමුළුවට සහභාගී වී ඊයේ (23) ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දී අමාත්‍යරවයා මේ බව සඳහන් කළේය.


    මිත්‍රශීලි ව්‍යාපාර ප්‍රතිපත්තිය නිසා ශ්‍රී ලංකාව ආසියාවට පිවිසුම් මාර්ගයක් බවට පත්ව ඇති බවයි. යටිතල පහසුකම් සංවර්ධන ක්ෂේත්‍රය, කෘෂි පිරිසැකසුම, සෞඛ්‍ය සේවා, අපනයනය පදනම් කරගත් නිෂ්පාදන සහ සංචාරක කර්මාන්තය යන අංශවල ආයෝජන අවස්ථා බහුලව ඇතැයි තමා වාණිජ මණ්ඩලය හමුවේ අවධාරණය කළ බව අමාත්‍යවරයා පැවසීය.

    වොෂින්ටන්, නුවර දී පැවැති  ලෝක බැංකුව හා ජාත්‍යන්තර  මුල්‍ය  අරමුදලේ  අර්ධ වාර්ෂික  සමුළුවේ දී   ශ්‍රී  ලංකාවේ   ආර්ථික  සංවර්ධන ක්‍රියාවලිය  විශේෂ  ඇගයීමකට  ලක්වූ  බව මුදල්  අමාත්‍ය රවී කරුණානායක  මහතා  එහි දී ප්‍රකාශ කර සිටියේ ය. අමාත්‍යවරයා පෙන්වා දුන්නේ  සමුළුවට  සහභාගී වී සිටින ලෝක බැංකුවේ  හා  ජාත්‍යන්තර  මුල්‍ය  අරමුදලේ   ප්‍රධානින්  සමඟ තමා වෙන්  වෙන් වශයෙන්  සාකච්ජා සිදු කළ බවයි. සමුළුව  පසුගිය 18වෙනිදා ආරම්භ වූ අතර එය ඊයේ (23) නිමාවට පත් විය.

    මුදල්   අමාත්‍ය රවී  කරුණානායක මහතා  G24 මුදල්  අමාත්‍යවරුන්ගේ  හමුවට  සහාගී වූ   අතර, එහිදී  ශ්‍රී ලංකාවේ  වර්තමාන  ආර්ථික සංවර්ධන  ක්‍රියාවලිය පිළිබදව  සාකච්ජා කෙරිණි. මේ අතර ජාත්‍යන්තර  මුල්‍ය අරමුදලේ   මුදල්  අමාත්‍යවරුන්ගේ මණ්ඩලය  නියෝජනය කළ රවී කරුණානායක මහතාට එහි  පළමු  උප සභාපති ධුරය පිරිනැමුණු අතර එය ශ්‍රී ලංකාව  ලැබු  සුවිශේෂ ජයග්‍රහණයකි. මෙම සමුළුවේදි   ජාත්‍යන්තර  මුල්‍ය අරමුදලේ   නියෝජ්‍ය  කළමනාකරණ අධ්‍යක්ෂ මිට්සුහිරෝ  පුර්සාවා  මහතා  (Mr. Mitsuhiro Furusawa) සමඟ සාකච්ජා  පවත්වන ලදී.

    ලෝක බැංකුවේ උප සභාපති  ඇනටි ඩික්සන් මහත්මිය (Ms. Annette Dixon) සමග ද අමාත්‍යවරයා එහි දී සාකච්ඡා පැවැත්වීය.  මෙම හමුවේ දී ලෝක බැංකුව ප්‍රකාශ කර  සිටියේ ශ්‍රි ලංකාවේ,  ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය මේ  වනවිට   යහපත් අතට පත්ව ඇති බවයි.   තවදුරටත් එය ශක්තිමත්ව ඉදිරියට  පවත්වාගෙ යාම සඳහා   ලෝක බැංකුවේ සහාය හිමි වන බවද  ඇනටි ඩික්සන් මහත්මිය (Ms. Annette Dixon) ප්‍රකාශ කළාය. ශ්‍රී ලංකාවේ  ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කරගැනීම සම්බන්ධයෙන් ද  මෙහිදි පුළුල්ව  සාකච්ඡා කෙරිණි. ඒ අනුව ලෝක බැංකුවේ විශේෂ විමර්ෂණ  කණ්ඩායමක්  නුදුරු  දිනයක දී ශ්‍රි ලංකාවට  එවීමට ලෝක බැංකුව එකඟතාවය පළ කළේය.

    සමුළුව  අතරතුර  ශ්‍රී ලංකා  මුදල්  අමාත්‍යවරයා ඇතුළු දුත පිරිස   හා  ඇ‍මරිකානු  එක්සත්  ජනපදයේ  ෆෙඩරල් රිසවර් (Chairperson  of us  Federal reserve)   හෙවත්  එරට,  මහ බැංකු අධිපති  ජැනට් යේලන් මහත්මිය( Mrs. Janet Yellen) සමඟ සාකච්ඡාවටයක්  පැවැති  අතර  එය ඉතා සාර්ථකව නිමාවිය. තවද ශ්‍රී ලංකා  නියෝජිත පිරිස ඇමෙරිකා එක්සත්  ජනපදයේ  මහා භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ  සාකච්ඡා පවත් වන ලදී.
     
    මෙම සමුළුව සඳහා  මුදල්  අමාත්‍ය රවී කරුණානායක මහතා  සමඟ මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතා  ඇතුළු මුදල්  අමාත්‍යාංශ නිලධාරීහු හා  ශ්‍රී ලංකා මහ  බැංකුවේ  ජ්‍යෙෂ්ඨ නිලධාරීහු  සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya