අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා මහියංගණ රජමහා විහාරය වැද පුදා ගනී

    අප්‍රේල් 23, 2017

    සම්බුදු පා පහසලත් ඓතිහාසික මහියංගණ රජමහා විහාරය වෙත ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා  ඊයේ (22) පෙරවරුවේ එම විහාරස්ථානය වැද පුදා ගත්තේය.

    විහාරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ සුවදුක් විමසූ ජනාධිපතිතුමා අටපිරිකර ද පූජා කළේය.

    අනතුරුව ආගමික වතාවත් නිරත වූ ජනාධිපතිතුමා ධාතු මන්දිරය වැද පුදා ගත්තේය.

    ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් විහාරස්ථාන භූමියේ අඹ පැළයක් ද රෝපණය කෙරිණි.

    1987 වසරේ සිදුවූ අරන්තලා භික්ෂු ඝාතනයේ දී ජීවිතය බේරාගත් ආදාඋල්පත බුද්ධසාර හිමිපාණන් වහන්සේට මූල්‍ය පරිත්‍යාගයක් සිදු කළ ජනාධිපතිතුමා ස්වාමින් වහන්සේගේ ගමන් පහසුව සදහා වෑන් රථයක් ද පරිත්‍යාග කළේය. යුද්ධයේදී දෘශ්‍යාබාධිත වූ එච්.ඒ. සුරේෂ් කුමාර රණවිරුවාට ද මුල්‍යමය පරිත්‍යාගයක් කළේය.

    වෙහෙර විහාරස්ථාන සංවර්ධනය කිරීමේ ” බෞද්ධ පුනරුද අරමුදල ” වෙනුවෙන් පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමිපාණන් වහන්සේ විසින් රුපියල් ලක්ෂ දහයක මුදල් පරිත්‍යාගයක් ජනාධිපතිතුමා වෙත පිරිනමන ලදී.

    අමාත්‍ය දයා ගමගේ මහතා, ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ඇතුළු ප්‍රදේශයේ සැදැහැවතුන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya