අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැලේරියා රෝගයෙන් රට නිඳහස් වුණාට තර්ජනය තවම තිබෙනවා - සෞඛ්‍ය අමාත්‍ය Featured

    අප්‍රේල් 24, 2017

    මැලේරියා රෝගයෙන් රට නිඳහස් වුණාට තර්ජනය තවම තිබෙනවා. මැලේරියා රෝගියෙක් ප්‍රතිෂ්ඨාපනය වීම වළක්වාගැනීමට රජය විශාල වශයෙන් ක්‍රියාත්මක වී තිබෙනවා යැයි සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    අප්‍රේල් 25 දිනට යෙදෙන ලෝක මැලේරියා දිනයට සමගාමීව අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ අඳහස් පළ කළේ ය.

     

    ලෝකය තවමත් මැලේරියා රෝගයෙන් මිදී නැහැ.ලෝක සෞඛ්‍ය සංවිධානය වසර 15ක වැඩසටහනක් හඳුන්වා දුන්නා,මැලෙරියාව තුරන් කිරීමට.වසර 2015 වනවිට රටවල් 91ක මැලේරියාව තිබෙනවා. ලෝක ජනගහනයෙන් මිලියන 212ක පිරිසක් මැලේරියා රෝගයට ගොන්දුරු වී සිටිනවා. වසර 2015 වනවිට 4,29,000ක් පමණ මැලේරියා රෝගයෙන් මරණයට පත්වෙලා. අග්නිදිග ආසියාවේ ජනගහනයෙන් බිලියන 1.4ක් මැලේරියාවට මුහුණ දෙමින් සිටිනවා.

     

    වසර 2009 වනවිට අප මැලේරියා රෝගය මර්දනය ආරම්භ කළා.2012 සිට මැලේරියා රෝගියෙක් වාර්තා වුණේ නෑ. මැලේරියා රෝගයෙන් රට නිඳහස් වුණාට තර්ජනය තවම තිබෙනවා.මැලේරියාව රටට පැමිණීම වළක්වගත යුතුයි. ශ්‍රී ලංකාව මැලෙරියාවෙන් නිදහස්  වුවට ශ්‍රී ලංකාව අවට රටවල මැලේරියාව පවතිනවා.

    මැලේරියාවෙන් නිදහස් වීමම අභියෝගයක්.රජය විශාල වශයෙන් ක්‍රියාත්මක වී තිබෙනවා, කිසිදු මැලේරියා රෝගියෙක් ප්‍රතිෂ්ඨාපනය වීම වළක්වාගැනීමට.මැලේරියා මර්දන ව්‍යාපාරය ඉතා සුපරික්ෂාකාරීව මෙම කටයුතු සිදු කරනවා. මැලේරියාව මර්දනය කිරීම වෙනුවෙන් සියලු ගෞරවය හිමිවිය යුත්තේ මැලේරියා මර්දන ව්‍යාපාරයට හා ඒ වෙනුවෙන්කටයුතු කළ සියලු දෙනාට බවද අමාත්‍යවරයා ප්‍රකාශ  කළේ ය.


    මේ අවස්ථාවට, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජෙ.එම්.ඩබ්ලිව්. ජයසුන්දර බණ්ඩාර, මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය එච්. ඩී. බී. හේරත් යන මහත්වරු ඇතුළු මැලේරියා මර්දන ව්‍යාපාරයේ නිලධාරිහූ රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya