මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති අද ජපානයට

    අප්‍රේල් 10, 2017

    ජපානයේ සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය අද (10) දිවයිනෙන් පිටත්ම යාමට නියමිතය.

    මෙම සංචාරයේදී ජපාන අග්‍රාමාත්‍ය ෂින්සො අබේ  (Shinzo Abe)  මහතා හමුවන වික්‍රමසිංහ මහතා, තවත් ප්‍රධාන පෙළේ ඉසව් ගණනාවකට ද එක්වීමට නියමිත බව අගමැති කාර්යාලය සඳහන් කරයි.

    වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිසගේ පැමිණීම සතුටින් පිළිගන්නා බවත්, මෙම සංචාරය හේතුවෙන් ජපානය හා ශ්‍රී ලංකාව අතර මිත්‍ර සබඳතා තව තවත් ශක්තිමත් කෙරෙණු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත්, ජපාන රජය නිවේදනය කර තිබේ.

    විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද මේ සංචාරයට එක්වෙති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya