මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිසි කලට වැසි ලැබී කෙත් වතු සරු සාර වී පුලතිසි පුරවරයට උදා වූ සශී‍්‍රකත්වය Featured

    අප්‍රේල් 10, 2017

    නියං තත්ත්වය පහව ගොස් රටට සෞභාග්‍යය මෙන්ම වැසි ප‍්‍රාර්ථනා කරමින් 2016 දෙසැම්බර් 24 වන දින දිඹුලාගල සොරිවිල දේවාලයේ දී ගරු ජනාධිපතිතුමා පෙරටු කර ගනිමින් මහවැලි ගොවීන් එක්ව සිදුකළ භාරවීමේ අනුහසින්, නිසි කලට වැසි ලැබී කෙත් වතු සරු සාර වී පුලතිසි පුරවරයට උදා වූ සශී‍්‍රකත්වය උදෙසා තුති පුදනු වස් ශී‍්‍ර ලංකා මහවැලි අධිකාරියේ පූර්ණ දායකත්වයෙන් භාරය ඔප්පු කිරීමේ මංගල්‍ය  (09) පෙරවරුවේ දිඹුලාගල සොරිවිල දේවාල පරිශ‍්‍රයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ද එම අවස්ථාවට එක්වූ අතර එහිදී චාරිත‍්‍රාණුකූලව ජනාධිපතිතුමා පිළිගනු ලැබීය. අනතුරුව ආගමික වතාවත් සඳහා එක් වූ ජනාධිපතිතුමා ආශිර්වාද ලබා ගත්තේය.

    මහවැලි ගොවීන් විසින් මහ කන්නයේ ලබාගත් අස්වැන්නේ අග‍්‍ර කොටසින් කිරි ඉතිරීමේ මංගල්‍යය ද මේ හා සමගාමීව සිදු විය. දේවාල පරිශ‍්‍රයේදී ආදි වාසින් ඉදිරිපත් කළ අං කෙළිය, කොහොඹ කලේ සහ කිරි කොරහ ශාන්ති කර්මය නැරඹීමට ද ජනාධිපතිතුමා එක්විය. සොරිවිල පාසල් දරු දැරියන් විසින් විචිත‍්‍රවත් ප‍්‍රසංගයක් ද ඉදිරිපත් කරනු ලැබීය.

    ඉන් අනතුරුව ජනාධිපතිතුමා ගොවීන් සහ මහවැලි නිලධාරින් සමග සුහද හමුවකට ද එක් විය. වස විස නැති පරිසර හිතකාමී කෘෂිකර්මාන්තයක් තුළින් වැඩි අස්වැන්නක් ලබා ගැනීම උදෙසා පළිබෝධ හා රෝග පාලන ක‍්‍රමවේදයන් සඳහා යොදා ගන්නා යන්ත‍්‍ර උපකරණ ප‍්‍රදර්ශනය කිරීමක් ද මෙහිදී සිදු වූ අතර එය ද ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් විය.

    එමෙන්ම ඉන්දික මානවඩු මහතා විසින් පරාක‍්‍රම සමුද්‍රය පිළිබඳ වසර 18 ක් තිස්සේ සිදු කරන ලද පරික්ෂණය පිළිබඳව ද මෙහිදී ජනාධිපතිතුමා දැනුවත් කෙරිණි. උතුරු මැද පළාත් සභා මන්තී‍්‍ර සම්පත් ශී‍්‍ර නිලන්ත මහතා ඇතුළු මහජන නියොජිතයින් පිරිසක් ද, පොළොන්නරුව දිස්ති‍්‍රක් ලේකම්, මහවැලි අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ ප‍්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya