අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික අලුත් සහල් මංගල්‍ය ජනපති ප්‍රධානත්වයෙන් Featured

    අප්‍රේල් 09, 2017

    හෙළයේ මහා ගොවි පිළිවෙත ජාතික අලුත් සහල් මංගල්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියස දී පැවැත්විණි.

    සාම්ප්‍රදායිකව වාර්ෂිකව මාස් කන්නයේ නෙළා ගත් අස්වැන්නේ නොඉදුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිදුන් පිදීමේ මෙම උත්කර්ෂවත් මංගල්‍ය අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් 50 වන වරට සංවිධානය කර තිබුණි.

    රජ සමයේ සිට පැවැත එන මෙම චාරිත්‍රය සදහා රට පුරා ගොවීන් රැසක් එක්ව සිටි අතර කලට වැසි වසිත්වා - කෙත්වතු සාරවත් වේවායි ප්‍රාර්ථනා කිරීමත්, කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත වී සමෘද්ධිමත් ආර්ථීකයක් ඇති වේවායි රටට, ජාතියට සෙත් පැතීමත් මෙහිදී සිදු කෙරිණි.

    අලුත් සහල් මංගල්‍යයට එක් වූ ජනාධිපතිතුමා පළමුව ජය ශ්‍රී මහා බෝ සමිදුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගත්තේය.

    අනතුරුව වස විස නැති දේශීය සහල් බදුන ජනාධිපතිතුමාගේ සුරතින් ගරුතර මහා සංඝරත්නය වෙත පූජා කිරීම සිදු විය.

    සියලූ පළාත් ආවරණය වන පරිදි ඒ ඒ ප්‍රදේශවලට ආවේණික වූ බීජ වී වර්ග ගොවීන් වෙත බෙදාදීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා විසින් අලුත් සහල් මංගල්‍ය පිළිබද සමරු කලාපය මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

    අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේ, රුවන්වැලි සෑය විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද , කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක, අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, චන්ද්‍රාණි බණ්ඩාර, තිස්ස කරලියද්ද, උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු දේශපාලන නියෝජිතයින් පිරිසක් ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩී. විජයරත්න, ගොවිජන සේවා සංවර්ධන කොමසාරිස් ජනරාල් ඩී.වී. බන්දුසේන මහතා  ඇතුළු රජයේ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya