මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියං සහනාධාර ලෙස පාකිස්ථානයෙන් ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් දසදහසක්

    අප්‍රේල් 08, 2017
     දැඩි නියගය හේතුවෙන් පීඩා විදින ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීම සදහා පාකිස්ථාන රජය විසින් සහල් මෙට්‍රික් ටොන් දසදහසක් (10000) ලබාදීමේ සමාරම්භක අවස්ථාව  ඊයේ (07) පස්වරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
    සහල් ප්‍රදානය කිරීමේ අවස්ථාව සංකේතවත් කරමින් පාකිස්ථාන මහකොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් සෙයිද් ශකීල් හුසේන් (Syed Shakeel Hussain) මහතා අතින් ජනාධිපතිතුමා වෙත සහල් පිළිගැන්වීම ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.  
    සහල් මෙට්‍රික් ටොන් දසදහසක් ලබාදීමේ වැඩසටහනේ මුල් පියවර ලෙස සහල් මෙට්‍රික් ටොන් හත්දහස් අටසියයක් (7800) ශ්‍රී ලංකාව වෙත මේ වනවිට ලැඛෙමින් පවතී.
     මෙම අවස්ථාවට පකිස්ථාන නියෝජ්‍ය මහකොමසාරිස්වරයා ද එක්විය.

    ( ඡායාරූප : නිශංක ද සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya