අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැඩවර්ජනය ගැන විදුලබල ඇමැති කරුණු පහදයි

    අප්‍රේල් 07, 2017

    එක් ප්‍රශ්නයක් විසඳනකොට තවත් ප්‍රශ්න ඇති නොවීමට විසඳුම් ලබාදිය යුතු බව ඊයේ (06) දින ලංකා විදුලිබල මණ්ඩලය මගින් දියත් කරනු ලැබූ දීපව්‍යාප්ත එක් දින සංකේත වැඩවර්ජනය පිළිබඳව විෂයභාර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඒ සම්බන්ධයෙන් කරුණු දක්වමින් සඳහන් කරයි.

    ඒ මහතා වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි.


    "මේක එක්දින වැඩ වර්ජනයක්. ඔවුන් මෙය සිදු කරන්නේ 2015 සිට මුහුණදීලා තිබෙන වැටුප් ප‍්‍රශ්නයකට විසඳුම් සොයන්න. මේක සංකීර්ණ ප‍්‍රශ්ණයක්. ලංවිම සේවකයන් 25,000ක් පමණ සිටිනවා. වැටුප් තල විශාල සංඛ්‍යාවක් තිබෙනවා. අපි මේකට ස්ථිරසාර විසඳුමක් සොයන්න  ඕන. එක් ප‍්‍රශ්නයකට විසඳුමක් සොයනකොට ඒ තුළින් තවත් ප‍්‍රශ්නයක් නිර්මාණයක් වෙනවානම් ඒක මගේ වගකීම ඉෂ්ඨකිරීමක් නෙමෙයි.  ඒ නිසා මම කමිටුවක් පත්කළා. ඒකට මම මාස 06 ක පමණ සීමිත කාලයක් දුන්නේ. මොකද අපි මේක විදුලිබල මණ්ඩලය තුළ හරියට ගලපා ගන්න  ඕන. ඒ වගේම ජල සම්පත් මණ්ඩලය, ටෙළිකොම් ආයතනය, වරාය ආදි සහෝදර ආයතන සමඟ ගලපා ගන්න ඕන. ඒ වගේම භාණ්ඩාගාරය සමඟ ගලපාගන්න ඕන. අවසාන වශයෙන් මම කැබිනට් මණ්ඩලයෙන් අවසර ගන්න  ඕන. ඒ වගේම සමස්ත රටට මේක වැය බරක්වෙන්න බැහැ. විදුලිබල මණ්ඩලය දීර්ඝ කාලීනව ශක්තිමත්ව ඉදිරියට යන්න  ඕන.

    මෙවැනි අයහපත් කාලගුණික තත්ත්වයක් තුළ ජනතාවට පැය 24 ම අඛණ්ඩව ජනතාවට පවතින මිලටම විදුලිය ලබාදෙන්නේ ඉතාමත් අසීරුවෙන්. ඒත් අපි මෙවැනි දුෂ්කර වකවානුවකත් ලබන අගෝස්තු වෙද්දි මේ සහෝදරවරුන්ට විසඳුමක් ලබාදෙන්න ඉතා පුළුල් ශක්තිමත් වැඩපිළිවෙළක් හදලා තියෙන්නේ.  මෙවැනි අවස්ථාවක තමයි මේ සහෝදරවරුන් මෙවැනි වෘත්තීය ක‍්‍රියාමාර්ගයක යෙදෙන්නේ.

    නමුත් පාරිභෝගිකයාට අලාභයක් අසීරුවක් නොවන පරිද්දෙන් ක‍්‍රියාකරන්න විදුලිබල මණ්ඩලය කටයුතු සම්පාදනය කරගෙන තිබෙනවා. ඉතින් මම විශ්වාස කරනවා මේ වගේ වර්ජන කරලා අවදි කරන්න  ඕන අමාත්‍යාංශයක් නෙමෙයි දැන් තියෙන්නේ. අපි හැමදාමත් අවදියෙන්. ඒ නිසා මම මේ සියළු දෙනාට කියන්නේ විශ්වාසයෙන් යුතුව මේ ප‍්‍රශ්නය දිහා බලන්න. හැම ප‍්‍රශ්නයකටම විසඳුමක් තියෙනවා. හැබැයි ඒ විසඳුම තවත් ප‍්‍රශ්නයක් නිර්මාණය නොකරන ස්ථිරසාර විසඳුමක් වෙන්න  ඕන. ඒකට අපිට සාධාරණ කාලයක් අවශයයි."

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya