අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අඩුමිලට සතොසින් ආහාර මල්ලක්

    අප්‍රේල් 07, 2017

    උදාවන නව අවුරුදු සමයේ දී මහජනතාවට අඩු මිලට අත්‍යාවශ්‍ය ආහාර ලබා දීමට කටයුතු කරන මෙන් ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා විසින් දෙන ලද උපදෙස් අනුව රු.1,515/-ක් වටිනා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය 10ක් අඩංගු ආහාර මල්ලක් රු.975කට ලබා දීමට රජය තීරණය කර ඇත.

    අප්‍රේල් 10 වන දා  සිට 20 වන දා දක්වා වන කාලය තුළ දිවයින පුරා පිහිටි ලක් සතොස වෙළඳ සැල් හරහා මෙම ආහාර ද්‍රව්‍ය අඩංගු මල්ල පාරිභෝගික ජනතාවට මිල දී ගත හැකි වනු ඇත.

     

    කිරි පිටි, සීනි, සහල් , පරිප්පු, අල, ළූණු, ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු මලු ලක්ෂ 10ක් පමණ මෙම කාලය තුළ පාරිභෝගික ජනතාව වෙත ලබා දීමට රජය අපේක්ෂා කරයි.

     

    සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ මහජනතාවගේ ජීවන වියදම් අඩු කර ගැනීමට සහය දැක්වීමක් ලෙස රජය විසින් මෙම පියවර ගෙන ඇත.

     

    රු.1515/-ක් පමණ වටිනා පහත සඳහන් අත්‍යාවශ්‍ය ආහාර මල්ලක් සහන මිලට රු.975/-කට ලක් සතොස හරහා ලබා දීමට කටයුතු යොදා ඇත. මේ අනුව ආහාර මලු ලක්ෂ 10ක් පමණ මෙම අලුත් අවුරුදු කාලය තුළ පාරිභෝගික ජනතාවට ලබා දීමට අපේක්ෂා කෙරේ.

     

    ආහාර ද්‍රව්‍ය

    ලබා දෙන ප්‍රමාණය

    දැනට වෙළපොළ මිල

    රු.

    1

    පරිප්පු

    1kg

    160.00

    2

    අල

    500g

    70.00

    3

    ලොකු ළූණු

    1kg

    100.00

    4

    හාල්(සුදු හාල්)

    2kg

    150.00

    5

    වියළි හාල්මැස්සන්

    500g

    200.00

    6

    සීනි

    1kg

    105.00

    7

    ටින් මාළු

    425g

    125.00

    8

    කෑලි මිරිස්

    200g

    175.00

    9

    කඩල

    500g

    100.00

    10

    කිරි පිටි (සතොස)

    400g

    310.00

    වැය වන මුළු මිල

    1,495.00

    ඇසුරුම් මිල

         20.00

    මුළු වියදම

    1,515.00

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya