ගාල්ල, නාගොඩ රාජකීය විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ ය.තවදුරටත් අඳහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,
නාගොඩ රාජකීය විද්‍යාලයේ මෙම ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගි වන ලෙස බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මන්ත්‍රීතුමා කළ ආරාධනය මම පිළිගත්තා. මෙම විද්‍යාලයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු බිහි වී තිබෙනවා. එක් පාසලකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙකු බිහි වනවා කියන්නේ විශේෂ දෙයක් ලෙස සැළකිය හැකියි.
ඒ වගේම මෙම පාසලට සම්බන්ධකම් තිබූ, දේශපාලන වශයෙන් මම ඇසුරු කළ දෙදෙනෙක් සිටියා. ඉන් එක් අයෙකු වන්නේ එම්.එස්. අමරසිරි මැතිතුමායි. එතුමා නියෝජ්‍ය ඇමැතිවරයෙක්, ඇමැතිවරයෙක් සහ ආණ්ඩුකාරවරයෙක් වශයෙන් අප ළගින් කටයුතු කළා. ඒ වගේම අනෙක් පුද්ගලයා වන්නේ රිචඩ් පතිරණ මැතිතුමායි. එතුමා මේ පාසලෙන් පැමිණ පසු කළෙක අධ්‍යාපන ඇමැතිවරයා ලෙස පත් වීමට හැකි වීම ගැන මම සතුටු වෙනවා.
එතුමා රටේ අධ්‍යාපන ක්‍රමයට යම් ස්ථාවර භාවයක් ලබා දුන්නා. මේ විද්‍යාලය වසර 141 සපුරා තිබෙනවා. ඒ වගේම මේ විද්‍යාලයේ මෙලෙස ත්‍යාග ප්‍රදානෝත්සවයක් පවත්වන්නේ වසර 38 කට පසුවයි. එවකට පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයක දී තමා ද ත්‍යාගයක් දිනා ගත් බව විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීතුමා පැවසුවා. ඉන් පසුව එතුමා පාර්ලිමේන්තුවට තේරී පත් වීම තවත් ත්‍යාගයක් ලැබීමක් බව කිව යුතුයි. එතුමා පාර්ලිමේන්තුවට ද තේරී පත්ව සිටින නිසා මෙම පාසලට උපකාර කරන ලෙස ද මම මතක් කරනවා. එය කළෙහිගුණ සැලකීමක්.
මෙම පාසලේ ඉතිහාසය ගැන අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ සඳහන් කළ නිසා ඒ පිළිබඳව මා තවදුරටත් අදහස් ප්‍රකාශ කරන්නේ නැහැ. නමුත් එක් දෙයක් කිව යුතුයි. වත්මන් විදුහල්පතිතුමා විවිධ ප්‍රශ්න ගණනාවක් හමුවේ උසස් මට්ටමේ ත්‍යාග ප්‍රදානෝත්සවයක් සංවිධානය කර තිබෙනවා. නාගොඩ වැනි ප්‍රදේශයක මෙවැනි ත්‍යාග ප්‍රදානෝත්සවයක් සංවිධානය කිරීම පහසු කටයුත්තක් නොවෙයි. ඒ වගේම මේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී සිංහල සහ ඉංග්‍රීසි භාෂා ද්විත්වයෙන්ම දක්‍ෂ ලෙස නිවේදන කටයුතු කළ ආකාරය ගැන මම ඔවුන්ට ප්‍රශංසා කරනවා. ඒ වගේම නර්තන කණ්ඩායමට ප්‍රශංසාව පළ කළ යුතුයි.
මා මෙහි පැමිණි අවස්ථාවේ පාසලේ අඩුපාඩු පිළිබදව ශිෂ්‍ය නායකයන් දීර්ඝ ලැයිස්තුවක් ලබා දුන්නා. ඔබේ ලැයිස්තුවේ ප්‍රමුඛත්වය අනුව කටයුතු කිරීමට මා කල්පනා කළා. එහි පළමුවෙන්ම සඳහන් කර තිබෙන්නේ පාසල සඳහා වැටක් අවශ්‍ය බවයි. ඒ සඳහා වැඩි වියදමක් යෙදවිය යුතු නැහැ. වැටක් නොමැති නම් පාසලක් ආරක්‍ෂා වන්නේ නැහැ. මගේ විද්‍යාලය වන කොළඹ රාජකීය විද්‍යාලයේ එක් පැත්තකින් තාප්පයක් සහ අනෙක් පසින් වැටක් ඉදි කර තිබෙනවා. තර්ස්ටන් විද්‍යාලය වෙන් කිරීම සඳහා තවත් තාප්පයක් ඉදි කළා. ඒ වගේම කොළඹවිශ්ව විද්‍යාලය වෙන් කිරීම සඳහා තවත් තාප්පයක් ඉදි කළා.
දෙවන ඉල්ලීම ලෙස සඳහන් වන්නේ පෙරදිග තූර්‍ය වාදක කණ්ඩායමක් ලබා දෙන ලෙසයි. අද මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අපරදිග, උඩරට, වෙස් ආදී නැටුම් මෙතරම් හොදින් ඉදිරිපත් කළා. මා නර්තනය හදාරන අවධියේ මේ තරම් දක්‍ෂ ලෙස නර්තනයේ යෙදීමට මට හැකි වූයේ නැහැ. එම නිසා දෙවන ඉල්ලීමත් ඉටු කර දීමට මා තීරණය කළා. තුන්වන ඉල්ලීම වන්නේ පන්ති කාමර සහිත දෙමහල් ගොඩනැගිල්ලක් පාසලට ලබා දෙන ලෙසයි. මෙම පාසලට තවත් පන්ති කාමර අවශ්‍ය නිසා තුන්වන ඉල්ලීම ද ඉටු කර දෙන බව මා මෙහිදී කියන්න කැමතියි. පළමු ඉල්ලීම් තුන ඉටු කිරීමෙන් පසුව අනෙකුත් ඉල්ලීම් පිළිබඳව සලකා බලමු යැයි මා යෝජනා කරනවා. ඔබ සංවිධානය කර තිබෙන මෙම ත්‍යාග ප්‍රදානෝත්සවය මෙතැනින් අවසන් කරන්න එපා. ශිෂ්‍ය ශිෂ්‍යාවන් දිරිගැන්වීම සඳහා එය සෑම වසරකම පවත්වන ලෙස මා කියනවා. සමහර දුෂ්කර පාසල්වල ත්‍යාග ප්‍රදානෝත්සවයක් පවත්වා ත්‍යාග කිහිපයක් හෝ ලබා දෙනවා. එමගින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දිරිගන්වා ඉදිරියට යනවා. ත්‍යාග ප්‍රදානෝත්සව නොමැති පාසල් පසුබෑමකට ලක්වනවා. බොහෝ අඩුපාඩුකම් තිබුණත් විදුහල්පතිතුමා මේ ත්‍යාග ප්‍රදානෝත්සවය සංවිධානය කර තිබුණා. ත්‍යාග ප්‍රදානෝත්සව නොමැති වීම අපේ අධ්‍යාපන ක්‍රමයට විශාල පාඩුවක් බව කිව යුතුයි. අපට පාසල් සඳහා අවශ්‍ය මූලික
අවශ්‍යතා ලබාදීමට තවමත් නොහැකි වී තිබෙනවා.
වර්තමානයේ පාසල්වලට ඇතුළත් කිරීම සඳහා ද බාහිර උපකාරක පන්ති පවත්වනවා. පහ වසර ශිෂ්‍යත්වය සහ සාමාන්‍ය පෙළ විභාගය සඳහාත් බාහිර උපකාරක පන්ති පවත්වනවා. ඇතැම් පාසල්වල ගුරුවරුන්ගේ හිඟයක් පවතිනවා. ඇතැම් පාසල්වල පුහුණු ගුරුවරුන්ගේ හිඟයක් පවතිනවා. එමෙන්ම තවත් පාසල්වල පුහුණු විදුහල්පතිවරුන්ගේ ද හිඟයක් පවතිනවා. මෙම අඩුපාඩුකම්වලින් පීඩාවට පත් වන්නේ ශිෂ්‍ය ශිෂ්‍යාවනුයි. ඒ වගේම දේශපාලනඥයන් උත්සාහ කරන්නේ එයින් දේශපාලන වාසි ලබා ගැනීමටයි. මේ සියලූ ගැටලූවලින් පීඩාවට පත් වන්නේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවනුයි.
ලෝකය සීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතිනවා. දැන් පවතින තාක්‍ෂණය වසර 10 කින් තවත් වෙනස් වෙනවා. අප පාසල් යන අවධියේ ලෝකය ලෙස හැදින්වූයේ එංගලන්තය, ප්‍රංශය, රුසියාව, අමෙරිකාව ආදී රටවල්. අද මේ රට දියුණු කිරීමට අප යන්නේ ජපානය, චීනය, ඉන්දියාව ආදී ආසියානු රටවල් වෙතයි. යුරෝපා රටවලින් ද උපකාර ලබා ගන්නවා. අද ආසියානු රටවල විශාල දියුණුවක් ඇති වී තිබෙනවා. වර්තමානයේ රටවල් දියුණු වන්නේ නුපුහුණු කම්කරුවන්ගෙන් නොව, පුහුණු කම්කරුවන්ගෙන් බව කිව යුතුයි. මා
කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයට ගිය අවස්ථාවේ එහි රොබොටික්ස් ප්‍රදර්ශන කිහිපයක් තිබුණා. සිදුවිය යුත්තේ එයයි.
විවිධ දුෂ්කරතා මැද නාගොඩ රාජකීය විද්‍යාලය මේ ආකාරයට ඉදිරියට ගමන් කිරීම රාජකීය කටයුත්තක් බව මා කියන්න කැමතියි. මේ ආකාරයට පාසල් ඉදිරියට යනවා නම් මූලික අවශ්‍යතා අප ලබාදීමට සූදානම්. එම මූලික අවශ්‍යතා ලබාදීමෙන් පසුව පාසල ඉදිරියට යා යුතු නමුත් පාසල් පිරිහීමට ලක් වෙනවා නම් එහි වගකීම පාසලත්, නායකත්වයත් බාරගත යුතුයි. ඉදිරියට යාම සදහා අලූතින් සිතිය යුතුයි. දේශපාලනයට පමණක් එය සිදු කිරීමට නොහැකි අතර සියලූ දෙනා කැප වී ක්‍රියා කළ යුතුයි. තරුණ මන්ත්‍රීවරයෙක් රටේ අධ්‍යාපන ඇමැතිවරයා ලෙස පත් කළේ ඒ නිසයි. ඉන් ප්‍රයෝජනය ලැබෙන්නේ රටටයි.
අපට අවශ්‍ය වන්නේ මේ තරුණ තරුණියන්ට, ඔවුන්ගේ සහෝදර සහෝදරියන්ට හොද, ස්ථිර අනාගතයක් ලබාදීමයි. ඒ සඳහා සෑම ශිෂ්‍යයෙකුටම වසර 13 ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කරමින් නීතියක් හඳුන්වාදීමට තීරණය කළා. මෙම නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පියවර තුනක් යටතේ ක්‍රියා කළ යුතුව තිබෙනවා. ඉන් පළමු වැන්න වන්නේ සෑම පාසලකටම පුහුණු ගුරුවරුන් ලබාදීමයි. කොළඹ රාජකීය විද්‍යාලයට වගේම නෙලූව, ලංකාගම පාසලට ද පුහුණු ගුරුවරුන් ලබා දිය යුතුයි. පාසල්වල ගුරු හිඟයක් තිබිය නොහැකියි. අලූතින් ගුරුවරුන් බඳවා ගන්නේ කෙසේද, ඔවුන් පුහුණු කරන්නේ කෙසේද යන්න පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විට කටයුතු කරමින් සිටිනවා.
විද්‍යාපීඨ සඳහා තවමත් බඳවා ගන්නේ නුපුහුණු ගුරුවරුන්. පාසල් සඳහා පුහුණු ගුරුවරු, පුහුණු විදුහල්පතිවරු බඳවා ගත යුතුයි. ඒ වගේම පාසල්වල කලා, වාණිජ, විද්‍යා ලෙස විෂය ධාරාවන් නොබෙදිය යුතුයි. ශිෂ්‍ය ශිෂ්‍යවන්ට ඕනෑම පාසලක, ඕනෑම විෂයක් හැදෑරීමේ අවස්ථාව තිබිය යුතුයි. කලා විෂය ධාරාව හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවශ්‍ය නම් විද්‍යා විෂයන් ද හැදෑරීමට හැකි විය යුතුයි. අමෙරිකාවේ විද්‍යා විෂය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉතිහාසය, භූගෝලය ආදී විෂයයන් ද හැදෑරිය හැකියි.
දෙවැනි පියවර වන්නේ සාමාන්‍ය පෙළ විභාගයයි. මෙම සාමාන්‍ය පෙළ විභාගය ‘සමත් – අසමත් භාවය’ මනින විභාගයක් නොවිය යුතුයි. අමෙරිකාව, පින්ලන්තය වැනි රටවල් දෙස බලන විට ඒ රටවල එවැනි විභාග පවත්වන්නේ නැහැ. ඒ වගේම බාහිර උපකාරක පන්ති පවත්වන්නේත් නැහැ. ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමය ඉතා දියුණු මට්ටමක පවතිනවා. නමුත් අපේ පාසල්
ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් 50% ක් සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු පාසලෙන් පිටත්ව යනවා.
පාසල් අධ්‍යාපනයෙන් පසු බොහෝ පිරිසක් විශ්ව විද්‍යාලයට යන්නේ නැහැ. එම පිරිස කරන්නේ කුමක්ද? ඇතැමුන් සංචාරකක්‍ෂ්ත්‍රයට යොමු වෙනවා. විවිධකාර්මික වැඩ කටයුතු කරනවා. එමක්‍ෂ්ත්‍ර සඳහා ද පාසලෙන්ම අධ්‍යාපනයක් ලබාදීමට හැකි නම් එය ඔවුන්ට විශාල පිටුවහලක් වෙනවා. සමාජයට අවශ්‍ය දැනුම පාසලෙන් ලබා දිය යුතුයි. එය විශ්ව විද්‍යාලය සමග
පටලවා ගන්න එපා.
සාමාන්‍ය පෙළ විභාගය වන තුරු විශ්ව විද්‍යාලය ගැන සිතන්නේවත් නැහැ. හැම සිසු සිසුවියක්ම වසර 13 ක අධ්‍යාපනය අනිවාර්යෙන්ම හැදෑරිය යුතුයි. එම නිසා විශ්ව විද්‍යාලයට යාමට බලාපොරොත්තුවක් නැති අයට වෙනත් වෘත්තීය මාර්ගවලින් අධ්‍යාපනයෙන් ඉදිරියට යාමට හැකියාව තිබෙනවා. වෘත්තීය දැනුම ලබා ගැනීම, සංගීතයට දක්‍ෂ නම් සංගීතය හැදෑරීම,
නර්තනයට දක්‍ෂ නම් නර්තනය හැදෑරීම, ඒ සමගම වෙනත් විෂයයන් ඉගෙනීම පිළිබඳව දැනට අත්හදා බැලීම් කරනවා.
අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් තවත් ප්‍රශ්නයක් තිබෙනවා. මේ සිසු සිසුවියන් වසර කීයක් පාසලේ ඉන්නවාද? සාමාන්‍ය පෙළ විභාගය වන තුරු වසර 11 ක් පාසලේ සිටිනවා. ඉන් පසුව විභාග ප්‍රතිඵල පැමිණෙන තුරු නිවසට වී සිටින කාලය ආදිය ගත් විට අවුරුදු 4 යි, මාස හතරහමාරක් උසස් අධ්‍යාපනය වෙනුවෙන් කැප කරන්නට වෙනවා. එසේ නම් වසර 13 ක
අධ්‍යාපනයක් නොව, වසර 15 ක් පමණ එම මූලික අධ්‍යාපනය ලබන්නට වැය වෙනවා. මේ දරුවෙකුගේ ජීවිතයේ හොඳම කාලයයි. එම කාලය පාසලට වැය වෙනවා. සෙසු රටවල නම් මෙවැනි තත්ත්වයක් නැහැ.
මා පාසල් ගිය සමයේ දී අප දෙසැම්බර් මාසයේ සාමාන්‍ය පෙළ විභාගයට වාඩි වුණා. ජනවාරි මාසයේ අවසානයේ පාසලට එන්නැයි දැනුම් දුන්නා. මාර්තු මාසයේ ලැබුණු ප්‍රතිඵල අනුව සමහරුන් පාසලේ තබා ගත් අතර සමහරුන්ට නැවත විභාගය කරන්නැයි දැනුම් දුන්නා. මා සාමාන්‍ය පෙළ විභාගය ලිව්වේ 1964 වසරේදීයි. 1966 දෙසැම්බර් මාසයේ උසස් පෙළ විභාගය ලිව්වා. 1967 මාර්තු මාසයේ ප්‍රතිඵල ලැබුණා. 1967 ඔක්තෝබර් මාසයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා පිවිසුණා. 1970 වන විට මා විශ්ව විද්‍යාලයේ අවසන් විභාගයටත් පෙනී සිටියා. නමුත් වර්තමානයේ දී සිසුන්ට මේ කාලය පාසලේම ගත කරන්නට සිදු වෙනවා. විශ්ව විද්‍යාල අධ්‍යාපනයත් ලබා සියල්ල අවසන්
කර ජීවිතයේ හොඳම කාලයට මුහුණ දීමට අපට හැකි වුණා.
නමුත් වර්තමාන සිසුන්ට එවැනි තත්ත්වයක් නැහැ. ජීවිතයේ වගකීමක් නැතුව සතුටින් සිටින කාලය පාසලට වැය වෙනවා. ඒ කාලයේ උසස් පෙළ කරනවා. ඒ නිසා දෙසැම්බර් මාසයේම උසස් පෙළ විභාගය පවත්වන්නට නොහැකි ඇයි දැයි මා අධ්‍යාපන ඇමැතිතුමාගෙන් විමසුවා. වසර දෙකකින් උසස් පෙළ හදාරා තවත් මාස 6 කින් විශ්වවිද්‍යාලයට ප්‍රවේශ විය හැකියි. අප කළ යුත්තේ ඉක්මනින් අධ්‍යාපනය හදාරා ජීවිතයට පිවිසීමයි.
අප මේ පිළිබඳව නිලධාරීන්ගෙන් ද විමසුවා. ඔවුන් විවිධ ප්‍රශ්න ඉදිරිපත් කළා. ගොඩනැගිලි හිඟකම ගැන පැවසුවා. අප ජනාධිපතිවරණයත් එක දිනයකින් පවත්වනවා. පාර්ලිමේන්තු මැතිවරණයත් එක් දිනයකින් පවත්වනවා. එසේ නම් එක් මාසයක දී මෙම විභාග දෙකම පවත්වන්නට නොහැකි මන්දැයි මා විමසුවා. මුද්‍රණ යන්ත්‍රවල ඇති ප්‍රශ්න පිළිබඳව තවත් ගැටලූවක් මතු වුණා.
එසේ නම් අලූත් මුද්‍රණ යන්ත්‍ර ගෙන්විය යුතුයි. පළමුවෙන්ම මේ ප්‍රශ්න විසදා ගෙන ඉදිරියට යාම අපේ අරමුණයි. අධ්‍යාපනක්‍ෂ්ත්‍රයේ සම්පත් අවශ්‍ය කුමන ක්ෂේත්‍රවලට දැයි අප හඳුනා ගනිමින් සිටිනවා. නිවැරදි අධ්‍යාපනයක් ලබාගත හැක්කේ එවිටයි. මෙම නව අධ්‍යාපන ක්‍රමය යටතේ අවුරුදු 22 – 23 වන විට රැකියාවකටත් පිවිසීමට අවස්ථාව ලැබෙනවා.
දැනට පවතින ක්‍රමවේදයටම ඉදිරියට ගියොත් පාසලේ විභාග අවසන් කර උසස් අධ්‍යාපනයත් අවසන් කරන විට සිසුවාට අවුරුදු 60 ක් වත් වේවි. එම නිසා අවුරුදු 22 – 23 වන විට අධ්‍යාපනය අවසන් කර තමන්ගේ ජීවිතය ආරම්භ කිරීමට හැකි ක්‍රමවේදයක් ඇති කරමු. ඉදිරියට යා යුත්තේ එලෙසයි. අප දැන් ඒ වැඩසටහනත් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. මූලික වැඩ කටයුතු අවසන් කිරීමෙන් පසුව විශ්ව විද්‍යාල සමග ද සාකච්ඡා කොට අවශ්‍ය සම්පත් ලබා දී ඉදිරියට යාමට හැකියාව තිබෙනවා.
එමෙන්ම රැකියා වෙළෙඳපොළට අවශ්‍ය අධ්‍යාපනයක් ලබාදීමට ද අප කටයුතු කරනවා. මා නෙළුවේ තරුණ හමුවකට සහභාගි වූ අවස්ථාවේ එහි තරුණ තරුණියන් හොඳ අදහස් කිහිපයක් ලබා දුන්නා. එම නිසා පාසල් මෙන්ම සමාජ ද එකතු කර ගෙන ඉදිරි ගමන යා යුතුයි.
ජනාධිපතිතුමා මෙන්ම මමත් නිදහස් අධ්‍යාපනයෙන් බිහි වූ අයයි. එම නිසා අපේ බලාපොරොත්තුව තරුණ තරුණියන් සඳහා හොඳ නිදහස් අධ්‍යාපනයක් ලබා දීමයි. මේ වසර පහ ඇතුළත පාසල්වලට මූලික අවශ්‍යතා ලබා දී හොඳ විදුහල්පතිවරුන්, ගුරුවරුන්, ආදි සිසුන් මෙන්ම ප්‍රදේශවාසීන් සමග ද එක්ව පාසල දියුණු කිරීමේ වගකීම බාර දෙනවා. ඒ කාර්යය සඳහා ඔබ සියලූ දෙනාගේම කැපවීම බලාපොරොත්තු වෙනවා.