මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෛත‍්‍රී – පුටින් මිත‍්‍රත්වය දෙරටේ ද්විපාර්ශ්වික සබඳතාවල නව කඩඉමක් බව රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා පවසයි Featured

    මාර්තු 25, 2017

    රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා සහ ශී‍්‍ර ලංකා ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මැතිතුමා අතර ගොඩනැඟි ඇති සමීප මිත‍්‍රත්වය රුසියානු – ශී‍්‍ර ලංකා ද්වි පාර්ශ්වික සබඳතාවල නව කඩඉමක් සනිටුහන් කරනු ඇති බව රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඉගෝර් මොගියුලොව් මහතා (Igor Morgulov) පවසයි.

    ශී‍්‍ර ලංකාව සහ රුසියාව අතර ද්වී පාර්ශ්වික සබඳතාවලට 60 වසරක් සපිරීම නිමිත්තෙන් හා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ රුසියානු නිල සංචාරයට ගෞරවයක් වශයෙන් විශේෂ සැමරුම් උත්සවයක් ඊයේ (23) රාති‍්‍රයේ රුසියාවේ Ritz Carlton හෝටලයේදී පැවැත්වුණු අතර එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

    මෙම උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එක් විය.

    ශී‍්‍ර ලංකා සහ රුසියානු සංස්කෘතිකාංග රැසකින් ද මෙම අවස්ථාව විචිත‍්‍රවත් විය.

    මෙහිදී අදහස් දැක්වූ රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ ශී‍්‍ර ලංකාවේ ස්වෛරීත්වය හා ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් රුසියාව සෑම අවස්ථාවකම ශී‍්‍ර ලංකාව සමග සිටින බවයි.

    අවශ්‍ය සෑම අවස්ථාවකදීම ජාත්‍යන්තර තලයේදීත් ශී‍්‍ර ලංකාවට සහය දැක්වීමට රුසියාව සූදානම් බව පැවසූ රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ශී‍්‍ර ලංකාවේ ආර්ථික, වෙළෙඳ, අධ්‍යාපන, සංස්කෘතික සියලු අංශවල ඉදිරි සංවර්ධනයට රුසියාවේ සහය හිමිවන බව ප‍්‍රකාශ කළේය.

    ශී‍්‍ර ලංකාව සහ සෝවියට් රුසියාව අතර රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා ඇරඹෙන්නේ 1957 පෙබරවාරි මස 18 වනදාය. අද වන විට මහ බලවතෙකු ලෙස නැගී සිටින රුසියානු සමූහාණ්ඩුව හා ශී‍්‍ර ලංකාව තම සුහද සබඳතාවයන්හි හැටවන සංවත්සරය සමරන අවස්ථාවේ සිදු කෙරුණු ජනාධිපතිතුමාගේ මෙම නිල සංචාරය ඉතා සුවිශේෂී බව මෙම උත්සවයට සහභාගී වූ රුසියානු රජයේ නියෝජිතයෝ ප‍්‍රකාශ කළහ.

    අභ්‍යාවකාශය තරණය කළ ලොව පළමු කාන්තාව වන වැලෙන්ටිනා තෙරෙස්කෝවා මහත්මිය සහ අජටාකාශගාමියෙකු වන ව්ලැඩ්මීර් ලේතෝව් මහතා ඇතුළු එරට විශේෂ ආරාධිත පිරිසක් ද උත්සවයට එක්ව සිටියහ.

    ජයන්ති සිරිසේන මැතිනිය සහ අමාත්‍යවරුන් වන මංගල සමරවීර, එස්.බී. නාවින්න, මහින්ද සමරසිංහ, සුසිල් පේ‍්‍රමජයන්ත, ජෝන් අමරතුංග, දයාසිරි ජයසේකර, නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු ශී‍්‍ර ලංකා දූත කණ්ඩායම ද මෙම අවස්ථාවට එක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya