අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුසියානු - ශ්‍රී ලංකා සබදතාවලට 60 වසරක් සපිරීම උත්කර්ෂවත්ව සැමරේ ...

    මාර්තු 24, 2017
    ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්වි පාර්ශ්වික සබදතාවලට 60 වසරක් සපිරීම නිමිත්තෙන් හා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ රුසියානු නිල සංචාරයට ගෞරවයක් වශයෙන් විශේෂ සැමරුම් උත්සවයක් ඊයේ (23) රාත්‍රියේ රුසියාවේ Ritz Carlton හෝටලයේදී පැවැත්වුණු අතර එහි විශේෂ ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක් විය.
    ශ්‍රී ලංකා සහ රුසියානු සංස්කෘතිකාංග රැසකින් ද මෙම සැමරුම් උත්සවය විචිත්‍රවත් විය.
    රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඉගෝරි මොගියුලොව් මහතා ඇතුථ එරට ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සහ අභ්‍යාවකාශය තරණය කළ ලොව පළමු කාන්තාවවන වැලෙන්ටිනා තෙරෙෂ්කෝවා මහත්මි, අජටාකාශගාමියෙකු වන Vladmir Lyakhov  ඇතුථ විශේෂ ආරාධිත පිරිසක් ද මෙම උත්සවයට එක්ව සිටියහ.
    ජයන්ති සිරිසේන මැතිණිය සහ අමාත්‍යවරුන් වන මංගල සමරවීර, එස්.බී. නාවින්න, මහින්ද සමරසිංහ, සුසිල් ප්‍රේමජයන්ත, ජෝන් අමරතුංග, දයාසිරි ජයසේකර, නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුථ ශ්‍රී ලංකා දූත කණ්ඩායම ද මෙම අවස්ථාවට එක් විය.

    ( ඡායාරූප : සුදත් සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya