අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අග්‍රාමාත්‍යතුමාට සුබ උපන්දිනයක්!

    මාර්තු 24, 2017

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 68වැනි උපන් දිනය අදට (24) යෙදී තිබේ.

     

    මෙරට සිව්වරක් අගමැති ධූරයට පත් වෙමින් වාර්තාවක් තබා ඇති රනිල් වික්‍රමසිංහ මහතා 1993, 2001 සහ 2015 වසරේ දී දෙවරක් අගමැති ධූරයට පත් විය. මෙරට නව දේශපාලන සංස්කෘතියක ආරම්භය සනිටුහන් කරමින් 2015 මහ මැතිවරණයෙන් පසු ජාතික ආණ්ඩුව පිහිටුවීමට පුරෝගාමීව කටයුතු කළේ රනිල් වික්‍රමසිංහ මහතාය.

    ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට කැප වෙමින් මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් කිරීමේ ක්‍රියාදාමයට මෙන්ම රැකියා දස ලක්ෂයක් බිහි කරමින් රටේ තරුණ තරුණියන්ට යහපත් හෙට දිනක් බිහි කිරීමේ කර්තව්‍යයට ද අගමැති වික්‍රමසිංහ මහතා කැප වී ක්‍රියා කරයි.

    ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය කරණයෙහිලා කැපවී කටයුතු කරන අග්‍රාමාත්‍යවරයා, ශ්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තරව බලපා ඇති අහිතකර ප්‍රතිරූප මුලිනුපුටා දැමීමට කටයුතු කළේ ය. ජාත්‍යන්තර වශයෙන් විශ්වාසය අත්පත් කරගැනීමට අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන නව රජයට මේ වනවිටත් හැකි වී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya