මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉරානයේ ඖෂධ හා ශල්‍ය උපකරණ ආනයනය කිරීම පිළිබද අවධානය යොමු කෙරේ

    ජනවාරි 10, 2017
    ඉරානයේ ශ්‍රී ලංකා තානාපති Mohomad ZaeriAmirani මහතා සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අතර සුහද සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි. 
    එහිදී ඉරානය නිෂ්පාදනය කරන ඖෂධ සහ ශල්‍ය උපකරණ ශ්‍රී ලංකාවට ආනයනය කිරිම සහ ඖෂධ නිෂ්පාදනයට ශ්‍රී ලංකාවේ ඇති හැකියාව පිළිබදව දිර්ඝ ලෙස සාකච්ඡා කෙරුනි. 
     
    ඉරානයේ ඖෂධ නිෂ්පාදනය කිරීමේ තාක්ෂණය සහ ඖෂධ ආනයනය කිරීමෙහි ගිවිසුමක් 2005 වසරේ දී අත්සන් කෙරුනි. එම ගිවිසුමට අනුව ඖෂධ වර්ග 37 ක් සහ ශල්‍ය උපකරණ 10 ක් ආනයනය කිරීමට නියමිතව තිබුනි. 2012 වසරේ දී ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ඖෂධ ආනයනය කිරිම සදහා තවත් ගිවිසුමක් අත්සන් කර ඇත.
     
    ඉරානය මේ වන විට රටවල් 40 කට ඖෂධ අපනයනය කරයි. ඒ අනුව ඉරානයේ නිෂ්පාදනය කරන ඖෂධ ශ්‍රී ලංකාවට ආනයනය කිරිමට ඇති හැකියාව පිළිබදව සොයා බලන ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එචි.එම්.එම්රූමි මහතාට සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දී ඇත. ඉරානයේ ඖෂධ නිෂ්පාදනය දැකබලා ගැනීම සදහා එරටට පැමිණෙන ලෙස ද තානාපතිවරයා සෞඛ්‍ය අමාත්‍යවරයාට මෙහිදී ආරාධනා කර සිටියේය. 
     
    මෙම අවස්ථාවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එචි.එම්.එම්රූමි මහතා ද එක්ව සිටියේය.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya