ඒ අනුව, නෝර්වේ හි වෙළඳ, කර්මාන්ත සහ ධීවර අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ ධීවර අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර නෝර්වේ රජයේ ආධාර මත ක්‍රියාත්මක වන පරිදි ව්‍යාපෘතියක් සැලසුම් කොට තිබේ. ධීවර ක්ෂේත්‍රෙයේ වර්තමාන හා අනාගත අවශ්‍යතාවලට ගැලපෙන අන්දමින් කළමණාකරණය සඳහා මිනිස් බලය සංවර්ධනය කිරීම සහ ක්ෂේත්‍රය තුළ ආයෝජනය සඳහා පහසුකම් සැලසීම අරමුණු කොට ගත් නව ධීවර හා ජලජීවී වගා ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සඳහා ශ්‍රි ලංකාවට සහය වීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ.
ධීවර ක්ෂේත්‍රය, එහි අතීත ප්‍රවණතා, වර්ථමාන තත්ත්වය, ගැටලු, සීමාවන් සහ අවහිරතා, ප්‍රතිපත්ති සම්පාදනය සඳහා පාදක කොට ගත හැකි නව සංවර්ධන අවස්ථා, ධීවර සංවර්ධනය කෙරෙහි බාහිර කරුණු (අනෙකුත් විෂයයන් සහ ක්ෂේත්‍රයන්) මඟින් ඇති කරණු ලබන සීමාවන්, අවහිරතා සහ බාධාවන් හඳුනාගැනීම සහ ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ග සැලසුම් කිරීම යන කරුණු අරමුණු කර ගනිමින් නෝර්වීජියානු උපදේශක කණ්ඩායමේ සහභාගීත්වයෙන් මෙම ව්‍යාපෘතිය යටතේ වැඩමුළු දෙකක් 2017 වසරේ ජනවාරි 4 -7 යන දින වලදී සහ 10 – 12 දිනවලදී ගල්කිස්ස හෝටලයේදී පැවැත්වීමට සැලසුම් කොට තිබේ.
ජාතික සහ පළාත් මට්ටමෙන් ධීවර ජලජීවී වගාව කළමණාකරනය සහ සංවර්ධනයට අදාලව කටයුතු කරන නිලධාරීන්, විද්‍යාඥයින් සහ ක්ෂේත්‍රයේ විශේෂඥයින්, කර්මාන්ත හවුල්කරුවන් සහ ධීවර නියෝජිතයන් මෙම වැඩමුළුවට සහභාගීවනු ඇත. ධීවර අමාත්‍යතුමන්, රාජ්‍ය අමාත්‍යතුමන්, පළාත් ධීවර අමාත්‍යවරුන් සහ කොළඹ නෝර්වේ තානාපති කාර්යාලයේ කටයුතු භාර රාජ්‍ය තාන්ත්‍රිකතුමන්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩමුළුව උත්සවාකාරායන් අවසන් කෙරෙනු ඇත.