නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ළමා රෝග සඳහා ප්‍රතිකාර කිරීමේ වයස් සීමාව අවුරුදු 14 සිට 16 දක්වා වැඩි කෙරේ

    දෙසැම්බර් 21, 2016
    ළමා රෝග සඳහා ප්‍රතිකාර කිරීමේ වයස් සීමාව අවුරුදු 14 සිට 16 දක්වා වැඩි කිරිමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා යෝජනා කරයි.
     
    ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස පත් වූ විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් කොළඹ දී පැවැති උත්සවයක දී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. 
     
    ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය 1996 වසරේ දී ආරම්භ වීමෙන් පසු ලංකාවේ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය නංවාලීම සඳහා ප්‍රමිතින් හඳුන්වා දෙමින් විශාල මෙහෙවරක් ඉටු කරනු ලැබූ බව ද අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කර සිටියේය. 
     
    "විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පාකිස්ථානයේ ඩෙංගු මර්දන වැඩසටහන්වලට සක්‍රීය ලෙස දායක වුණා. එය පාකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර පවතින සබඳතාවය තවත් වර්ධනය කිරීමට සමත් වුණා. පාකිස්ථානය ශ්‍රී ලාංකිකයින්ට ද සහයෝගය දක්වා තිබෙනවා. අපේ අනාගතය දරුවන්. ඔවුන් ආරක්ෂා කර ගැනීමට වැඩිහිටියන් ලෙස අපට විශාල වගකිමක් තිබෙනවා. දරුවන් සඳහා සුරක්ෂිත අනාගතයක් සකස් කිරිමට රජය ඇපකැප වී කටයුතු කරනවා. විශේෂඥ වෛද්‍යවරුන් රෝගී දරුවන් සුරක්ෂිත කිරීමට කැපවී කටයුතු කිරිම මම අගය කරනවා. ළමා විශේඥ වෛද්‍යවරුන් ළමා විශේෂඥ වෛද්‍ය සේවාව නිසි කළමනාකාරීත්වයකින් ක්‍රියාත්මක කළ යුතු වෙනවා. නිරෝගී සම්පන්න දරු පරපුරක් සඳහා එය ඉතා වැදගත් වෙනවා. දරුවන්ගේ සුරක්ෂිතතාවය උදෙසා සෞඛ්‍ය අමාත්‍යාංශය කැප වී සිටිනවා" යැයි ද කීය.
     
    දැනට ළමා රෝහලෙන් වයස අවුරුදු 14 අඩු දරුවන් සඳහා පමණක් ප්‍රතිකාර ලබාදෙන බවත් එම වයස් සීමාව අවුරුදු 16 දක්වා වැඩි කිරීමට අමාත්‍යවරයා මෙහිදී යෝජනාවක් ඉදිරිපත් කළ අතර ඒ සඳහා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ද සහයෝගය බලාපොරොත්තු වන බවත් පැවසීය.
     
    "ඩෙංගු රෝගය මර්දනය කිරිම සඳහා විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා දක්ෂයෙක්. මිගමුව දිස්ත්‍රික් මහ රෝහලේ නව ගොඩනැගිල්ල රුපියල් මිලියන 500ක මුදලක් වැයකරමින් දින 52ක් තුළ ඉදිකර අවසන් කෙරුනා. ඒ විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීමකට අනුවයි. නැතිනම් මෙම ගොඩනැගිල්ල ඉදිකිරිම සඳහා රුපියල් බිලියන 09ක මුදලක් වැය කිරීමට සැළසුම් කර තිබුණා. මෙමගින් ද මම සෞඛ්‍ය අමාත්‍යාංශයට මුදල් ඉතිරි කර දී තිබෙනවා" යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. 
     
    මෙම අවස්ථාවට තායිලන්තයේ මහාචාර්ය සුචිත්‍රා නිර්මානත්තිය මහත්මිය, පාකිස්ථාන ශ්‍රී ලංකා තානාපතිවරයා, ගම්පහ දිස්ත්‍රීක් පාර්ලිෙමින්තු මන්ත්‍රි චතුර සේනාරත්න, සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් ආචාර්ය සුජාතා සේනාරත්න මහත්මිය ඇතුලු පිරිසක් එක්ව සිටියහ. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya