මෙම අවස්ථාවට සමඟාමීව රුපියල් මිලියන 11ක වියදමින් පාසල් දරුවන් 31845දෙනෙකු සඳහා පාසල් අභ්‍යාස පොත්
පිරිනැමීම ද සිදු කෙරේ. පහ වසර ශිෂ්‍යයත්වය සමත් දරුවන් 130දෙනෙකු සඳහා සහ උසස් පෙළ සමත් දරුවන් 35දෙනෙකු වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්රදානය කිරීමද සිදු කෙරේ.
මීට අමතර ව උසස් පෙළ විශිෂ්ඨ ලෙස සමත් දරුවන් 65දෙනෙකු වෙනුවෙන් ලැප්ටොප් පරිගණක යන්ත්‍ර ප්රදානය කිරීම ද සිදු කෙරේ.
සිවිල් ආරක්ෂක බළකායේ සේවා වනිතා ඒකකය මගින් සිවිල් ආරක්ෂක භටයන්ගේ ශ්‍රම දායකත්වයෙන් නිවාස නොමැති අසරණ රණවිරු පවුල් සඳහා නිවාස 855ක් මේ වන විට ඉදිකොට ප්රදානය කර තිබේ.