මෙම වසරේ ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය අවසන් වන විට දිවයින තුළ වාර්තා වූ මනුෂ්‍ය ඝාතන, ලිංගික අපරාධ, ගෙවල් බිඳුම්, කොල්ලකෑම් සහ සොරකම් යන බරපතල ගණයේ ප්‍රධාන අපරාධ සංඛ්‍යාව 7592කි.
නොවැම්බර් මාසයේ දී මනුෂ්‍ය ඝාතන 39ක්, ලිංගික අපරාධ 198ක්, ගෙවල් බිඳුම් 153ක්, කොල්ලකෑම් 64ක් සහ සොකරම් 121ක් වශයෙන් ප්‍රධාන අපරාධ 575ක් වාර්තා වී ඇත. එය පසුගිය වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව අපරාධ 90ක අඩුවීමකි. එසේම මෙම වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේ වාර්තා වූ සංඛ්‍යාවට වඩා අපරාධ 16ක අඩුවීමකි.
මේ අනුව සලකා බැලීමේ දී දිවයින තුළ 2016 වසරේ නොවැම්බර් මාසය තුළ බරපතල ගණයේ අපරාධ සිදුවීම් අවප්‍රමාණය වී ඇති බව දැක්විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
පොලිස් මූලස්ථානය විසින් නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත වේ.