2019 වසර වනවිට ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළට සමගාමීව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සමඟ ගිවිසුම්වලට එළඹ සිටින ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලා පසුගියදා අමාත්‍යවරයාගේ නිරික්ෂණයට ලක් විය.
ඒ අනුව හොරණ මිල්ලෑවේ පිහිටි Navesta කර්මාන්ත ශාලාවත්, හොරණ තල්ගහවිල පාරේ පිහිටි Stregen කර්මාන්ත ශාලාවත් නිරීක්ෂණට ලක් වූ අතර, හොරණ මිල්ලෑවේ පිහිටි Navesta කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු ලබන වසරේ මැයි මාසයේ දී ආරම්භ කිරීමට නියමිතය. මෙම කර්මාන්ත ශාලාවේ එන්නත් නිෂ්පාදනය කෙරේ. එමෙන්ම Stregen කර්මාන්ත ශාලාව තුළින් අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 10 ක් නිෂ්පාදනය කිරීමට නියමිතය. තවද එම කර්මාන්ත ශාලාව මුහුණ දී ඇති ගැටලු ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.
මෙහිදී ආයෝජන මණ්ඩලයේ අනුමැතිය යටතේ සිදු කරන ව්‍යාපෘති සඳහා මතුව ඇති ගැටලු පිළිබඳව ද සාකච්ඡා කෙරුණ අතර, සෞඛ්‍ය අමාත්‍යවරයා අදහස් දක්වමින් සඳහන් කළේ 2018 වසර වන විට කර්මාන්ත ශාලා 10 ක් මෙරට ඖෂධ නිෂ්පාදන කටයුතු ආරම්භ කරන බවයි.
එම කර්මාන්ත ශාලා මුහුණ දී ඇති ගැටලු පිළිබඳව මුදල් අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය සහ පළාත් පාලන අමාත්‍යාංශය ඒකාබද්ධ කර සාකච්ඡාවක් පවත්වන බව ද අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.
එමගින් විදේශයට ඇදී යන මුදල් ඉතිරි කර ගැනීමට හැකි වන බව පෙන්වා දුන් අමාත්‍යරවයා අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමෙන් රුපියල් බිලියන 06 ක වෙළෙද ලාභයක් ලබා ගැනීමට මට හැකි වූ බව ද සඳහන් කළේය. ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමෙන් ඊට වඩා මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වන අතර අතිරික්ත නිෂ්පාදන විදේශිය වෙළෙදපොලට අපනයනය කිරීමට ද කර්මාන්ත ශාලා හිමියන්ට අවස්ථාව උදා වී තිබෙන බවත් එමගින් වෙළෙදපොල ප්‍රසාරණය කිරීමට හැකියාව ලැබෙන අතර දකුණු ආසියාවේ ඖෂධ නිෂ්පාදනයේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කිරීමට රජය සැළසුම් කර තිබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.