ඒ අනුව ප්‍රතිනිර්මාණය කිරීමට නියමිත "ශාක්‍ය ජනපදය" පිළියන්දල, කහපොළ "රෙජිඩේල් වත්ත" යන ස්ථානයේ අක්කර 78ක භුමි ප්‍රදේශයක ඉදිකිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය බුද්ධ ශාසන අමාත්‍යංශය හා Light of Asia පදනම සමඟ ඒකාබද්ධව සිදු කරනු ලබන අතර ඒ සඳහා රුපියල් මිලියන 500ක් පමණ වැය වෙතැයි අස්තමේන්තු කොට ඇත.
මෙම ව්‍යාපෘතිය යටතේ බුද්ධ කාලීන ශාක්‍ය ජනපදය ඒ ආකාරයෙන් ම ප්‍රතිනිර්මාණය කිරීමට නියමිත අතර සුද්ධෝදන රාජ මාලිගය, රම්‍ය/ සුරම්‍ය/ සුභ මාලිගා, බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය සුදු වූ ලුම්බිණිය, බුද්ධත්වයට පත් වූ බුද්ධගයාව, මහා පරිනිර්වාණය සිදු වූ කුසිනාරානුවර, ප්‍රථම ධර්ම දේශනය පැවැත් වූ ඉසිපතනාරාමය, නාලන්දාව ආදී බුද්ධ චරිතයට අදාළ විශේෂ සිදුවීම් සිදු වූ ස්ථාන ප්‍රතිනිර්මාණය කෙරෙනු ඇත.
නිර්මාණය කිරීමට සැලසුම් කොට ඇති ශාක්‍ය ජනපදයට සමඟාමීව එම පරිශ්‍ර යේ අංග සම්පූර්ණ බෞද්ධ මධ්‍යස්ථානයක්, බෞද්ධ පුස්තකාල, ඊ පුස්තකාල, භාවනා මධ්‍යස්ථාන, නිර්මාංශ භෝජනාගාර, විවේකාගාර, නරඹන්නන් සඳහා රථගාල් ආදිය ඉදිකිරීමට නියමිතව ඇත.
මෙම නිර්මාණය නේපාලයේ කපිල වස්තු හා ලුම්බිණියෙහි ප්‍රධාන පුරාවිද්‍යාඥ බසන්ත බිදාරී මහතාගේ අධීක්ෂණයෙන් යුතුව සිදු කිරීමට සැලසුම් කොට තිබේ.