අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හොටෙල් ෂෝ - 2014 ඇමති බැසිල් අතින් විවෘත වේ Featured

    ජූනි 13, 2014
    හොටෙල් ෂෝ - 2014 ප‍්‍රදර්ශනය අද (13)  ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී ආරම්භ කෙරිණි. 
     
    හොටෙල් ෂෝ ප‍්‍රදර්ශනය 1998 වසරේදී ආරම්භ කර ඇති අතර මෙවර පැවැත්වෙන්නේ 9 වන වරටය. අද හෙට (14) සහ අනිද්දා (15) දිනවල පෙරවරු 10.00 සිට පස්වරු 7.00 දක්වා මෙම ප‍්‍රදර්ශනය පැවැත්වේ. 
     
    වායුසමීකරණය, සනීපාරක්ෂක ක‍්‍රම සහ ආහාර සැපයීම, ගෘහ නිර්මාණ, උද්‍යාන අලංකරණය, බාහිර ගෘහ භාණ්ඩ, පිහිනුම් තටාක, අපද්‍රව්‍ය කළමනාකරණය, මෘදුකාංග පද්ධති සහ නවීන ආරක්ෂක පද්ධති ඇතුළු හෝටල් සඳහා අවශ්‍ය විවිධ උපකරණ ඇතුළු සියලු අංශයන් ආවරණය වන පරිදි ප‍්‍රදර්ශකයින් 280ක් පමණ මෙම අවස්ථාවේදී සිය නිෂ්පාදන එළිදක්වා තිබුණි. 
     
    හෝටල් සැපයුම්කරුවන්, සේවාදායකයින් සහ ප‍්‍රජාව අතර ශක්තිමත් සම්බන්ධතාවක් ගොඩනැගීමේ අරමුණින් ශ‍්‍රී ලංකා හෝටල් පාසල් උපාධිධාරී ආයතනය සහ ලංකා ප‍්‍රදර්ශන සහ සම්මේලන සේවා ආයතනය සමග එක්ව මෙම ප්‍රදර්ශනය සංවිධානය කොට ඇත.
     
    මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති භාෂ්වර සේනාංක ගුණරත්න, සංචාරක හෝටල් කළමනාකරණ ආයතනයේ සභාපති ජයන්තිස්ස කෙහෙල්පන්නල, ශ‍්‍රී ලංකා හෝටල් පාසල් උපාධිධාරී ආයතනයේ සභාපති විජේරත්න යන මහත්වරු ඇතුළු හෝටල් ක්ෂේත‍්‍රයේ විශාල පිරිසක් එක්ව සිටියහ. 
     
    DB
     
    MP BR HOTEL SHOW 2014 1
     
    MP BR HOTEL SHOW 2014 2
     
    MP BR HOTEL SHOW 2014 3
     
    MP BR HOTEL SHOW 2014 4
     
    MP BR HOTEL SHOW 2014 5
     
    MP BR HOTEL SHOW 2014 6

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya