අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියානු පැසිපික් තැපැල් සංගම් සැසියක් ශ්‍රී ලංකාවේ දී

    ජූනි 13, 2014
    2014 ආසියානු පැසිපික් තැපැල් සංගමයේ විධායක සැසිය එළැඹෙන අගෝස්තු 15 සිට 19දා දක්වා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්වේ.
     
    සාමාජික රටවල අන්තර් තැපැල් සබඳතාවන් වර්ධනය කිරීමත්, ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමත්, සහයෝගිතාව ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම සමුළුව පැවැත්වේ.
     
    2011 වසරේ මොංගෝලියාවේ පැවැති විධායක සමුළුවේදී කරන ලද ඉල්ලීමකට අනුව මෙවර සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කොට ඇත.
     
    මේ හරහා ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර ප්‍රතිරූපය ඔසවා තැබීමට අවස්ථාව සැලසෙන අතරම තැපෑලේ ප්‍රවර්ධනය හා මිනිස් සම්පත් සංවර්ධනයට මෙන්ම කලාපීය තැපැල් හවුලේ අවධානය දිනාගැනීමටත් හැකිවේ. සංචාරක කර්මාන්තයට හා ශ්‍රී ලංකා තැපෑලට ජාත්‍යන්තර ව්‍යාපාරික අවස්ථා ලබාගැනීමටත් මෙමඟින් අපේක්ෂා කරන අතර ශ්‍රී ලංකාවේ ප්‍රෞඩත්වය, ආර්ථික සංවර්ධනය, පාරිසරික ජෛව විවිධත්වය ආරක්ෂා කරගෙන නිර්මාණය වු ලාංකේය මුද්දර කලාවට වටිනාකමක් ජාත්‍යන්තර තලයේ දී හිමිකර ගැනීමටත් හැකිවනු ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.
     
    රටවල් 32ක සාමාජිකත්වය දරන ආසියානු පැසිපික් තැපැල් සංගමය විශ්ව තැපැල් සංගමයට අනුබද්ධ ආයතනයකි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya