මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනේ බොහෝ පළාත්වල‍ වැසි සහිත කාලගුණ තත්ත්වයක්

    ජූනි 03, 2014

    දිවයින ආසන්නයේ පවතින වායුගෝලයේ කැලඹිලි තත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ පළාත්වල වැසි සහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    අද (03) උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව දිවයිනේ බොහෝ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සමහර ස්ථානවල (විශේෂයෙන් දිවයිනේ නිරිත දිග කොටසට) මි.මි 100ට වැඩි තද වැසි ද ඇති විය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල විටින් විට හමන තරමක් තද සුළං බලාපොරොත්තු විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකියට අනුව අනුරාධපුර, මඩකළපුව සහ ත්‍රීකුණාමලයට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.කොළඹ, ගාල්ල, මහනුවර, නුවරඑළිය සහ රත්නපුරයට විටින් විට වැසි ඇති වේ. යාපනය සහ මන්නාරමට ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්ත්වයක් පවතී.

     

    HC/ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya