පාර්ලිමේන්තුව අද (20) ප.ව. 2.00ට ආරම්භ වීමට නියමිතය. ඉන් අනතුරුව මුදල් අමාත්‍යවරයා විසින් අයවැය කතාව ඉදිරිපත් කිරීමට නියමිත බවද නියෝජ්‍ය මහලේකම්වරයා පැවසී ය.
අයවැය දෙවැනිවර කියවීමේ විවාදය 21 වෙනි දින සිට ආරම්භ වීමට නියමිත අතර ඒ සඳහා වෙන්කළ දින ගණන 9කි. දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 02 දින සවස 5.00ට සිදු කෙරේ.
කාරකසභා අවස්ථාවේ විවාදය දෙසැම්බර් 03 දින සිට ආරම්භ වන අතර ඒ සඳහ දින 15ක් වෙන් කර තිබේ. තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 19 දින ප.ව. 5.00ට සිදු කිරීමට නියමිතය.