නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් ජෙන්කා විදේශ අමාත්‍ය හමුවෙයි

    ඔක්තෝබර් 22, 2015

    ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබද සහකාර මහලේකම් මිරෝස්ලාව් ජෙන්කා මහතා (Miroslav Jenca) ඊයේ (21) විදේශ කටයුතු අමාත්‍යංශයේදී විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා හමුවිය. පසුගිය සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මහතා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර නිව්යෝක් හිදී පැවති සාකච්ඡාව ඔහුගේ මෙම සංචාරයට හේතු වී තිබේ.

    දිගු කාලීන සංවර්ධනය සහ සංහිඳියාව සඳහා එක්සත් ජාතීන්ගේ සහාය ලබා දීම පිණිස ජෙන්කා මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමට ද නියමිත අතර ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා කාර්යාලය (ONUR) සමඟ සාකච්ඡාවක් සහ උතුරු හා නැගෙනහිර ආණ්ඩුකාරවරු, අනෙකුත් පාර්ශවකරුවන් හමු වී සාකච්ඡාවක් ද පැවැත්වීමට අපේක්ෂා කරයි.

     

    ඔහුගේ සංචාරය කොළඹට පමණක් සීමා කරනු ලබන අතර ඔහු එක්සත් ජාතීන්ගේ 70වන ජන්ම සංවත්සරය හා සාමාජික රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ 60වන සංවත්සරය යන ද්විත්ව වැදගත් සන්ධිස්ථාන සැමරීමට ඔක්තෝබර් 24 වන දින කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ දින උත්සවයට සහභාගී වනු ඇත.

     

    සහකාර මහලේකම්වරයා ඔක්. 25වෙනිදා දක්වා දිවයිනේ රැඳී සිටීමට නියමිතය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya