නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොමිෂන් සභා 4ක සමාජිකයින් පත් කිරීමේ අවසන් තීරණයකට එළැඹෙයි

    ඔක්තෝබර් 09, 2015

    ව්‍යවස්ථාදායක සභාව අද දින පෙරවරු 10.00ට කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන් එහි සමාජිකයින් දස දෙනාගේම සහභාගිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් විය.

    එහිදී අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව යන කොමිෂන් සභා සඳහා පත් කරන සමාජිකයින් පිළිබඳව අවසන් තීරණයකට එළැඹි බව කතානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    එම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශයන් වහාම ජනාධිපතිතුමා වෙත යොමු කිරීමට තීරණය කර තිබෙන බව ද එම නිවේදනයේ සඳහන් වේ.

    අද දින ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභා රැස්වීම පෙ.ව.11.00ට නිමාවට පත් වූ අතර ලබන නොවැම්බර් 04 වැනි දින පස්වරු 3.00ට යළි රැස්වීමට නියමිතය.

    එහිදී ඉතිරි ස්වාධීන කොමිෂන් සභා පිළිබඳ අවසන් තිරණයකට එළැඹෙනු ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya