ලෝකයේ වත්මන් ආර්ථික ප්‍රවනතා ශ්‍රී ලංකාවට බලපාන ආකාරය ගැනත් එහි දී අනාවරණය කරන බව ඊයේ (28) මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම රජයේ වගකීම බව පෙන්වා දුන් ඒ මහතා ආර්ථික විශේෂඥයන් සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බව ද පැවසීය.
ලබන නොවැම්බර් මස 20 වැනිදා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන රජයේ අය වැය වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කරන ලෙස ද මුදල් අමාත්‍යවරයා මෙහිදී ඉල්ලීමක් ද සිදු කළේය. ඒ සෑම දෙයක්ම සාකච්ඡා කර හොඳ දේවල් මෙවරට අයවැය ලේඛනයට ඇතුළත් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ මහතා වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කළේය ‘අපට කියන්න තියෙන්නෙ පෞද්ගලිකකරණය කියන වචනය අපේ ශබ්ධ කෝෂයෙන් ඉවත් කරල තියෙනවා කියන එක. අපට අවශ්‍යයි ඇතැම් රාජ්‍ය ආයතන නිසි කළමනාකාරීත්වයකට යටත් කරන්න. ඒක කිසිසේත් ම රජය සතු අයිතිය නැති කිරීමක් නොවන බව මම වගකීමෙන් කියන්න කැමැතියි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පසුගිය වසරේ පාඩුව පමණක් රුපියල් කෝටි 13,200යි. ඒක දැන් නිවැරැදි කරන්න අප කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේ ම ඛනිජ තෙල් සංස්ථාවේ දූෂණ ගැනත් හොයන්න අපි සූදානම්‘
kpm