නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උසස් පෙළ ඇගයීම් දෙවැනි අදියර ලබන 28 දා සිට

    සැප්තැම්බර් 19, 2015

    අධ්‍යයන පොදු සහතික පත්‍ර (උ/පෙළ) විභාගයේ උත්තරපත්‍ර ඇගයීමේ දෙවැනි අදියර සැප්තැම්බර් 28 වැනි දා සිට ඔක්තෝම්බර් 09 වැනි දා දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසීය.

    ඒ සඳහා පාසල් 25ක් යොදා ගැනෙන අතර ඉන් පාසල් 6ක් සම්පුර්ණයෙන් ම විභාග ඇගයීම් කටයුතු සඳහා යොදා ගන්නා බව ඒ මහතා සඳහන් කළේය.

    විභාග ඇගයීම් කටයුතු හේතුවෙන් පහත සඳහන් පාසල් සැප්තැම්බර් 28 වැනි දා සිට ඔක්තෝම්බර් 09 වැනි දක්වා වසා තැබෙන අතර එම පාසල් ඔක්තෝම්බර් 12 වැනි දා යළි විවෘත වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. එම පාසල් පහත සඳහන් පරිදි වේ.

    ආනන්ද විද්‍යාලය - කොළඹ 10
    ලක්දාස මහා විද්‍යාලය -කුරුණෑගල
    සුදර්මා විද්‍යාලය - ගාල්ල
    රාහුල විද්‍යාලය - මාතර
    සීවලී නවෝද්‍යා මහා විද්‍යාලය - බණ්ඩාරවෙල
    විශාඛා උසස් බාලික විද්‍යාලය - බදුල්ල

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya