නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රතිඵල නිකුත් කර ඇති විභාග

    සැප්තැම්බර් 21, 2015

    ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ 3 වැනි පන්තියේ IIIවැනි ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය -2014 (2015) විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්, රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍යාංශය, නිදහස් චතුරස්‍රය, කොළඹ 07 යන ලිපිනයට එම ප්‍රතිඵල නිකුත් කර ඇත.


    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ I ශ්‍රේණියේ සංඛ්‍යාලේඛන නිලධාරීන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය -2012 (2015) විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති අතර අධ්‍යක්ෂ ජනරාල්, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, අංක 306/71, පොල්දූව පාර, බත්තරමුල්ල වෙත නිකුත් කර තිබේ.

    රෙජිස්ට්‍රාර් සේවයේ III පන්තියේ II ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2014 ( 2015) විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති අතර එම ප්‍රතිඵල රෙජිස්ට්‍රාර් ජනරාල්, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල වෙත නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya