"නීතියයි, සාමයයි මව්බිමේ ජීවයයි" යන්න මෙවර පොලිස් දිනයේ තේමාව වී ඇත.
බ්‍රිතාන්‍ය පාලකයන් විසින් 1866 සැප්තැම්බර් මස 03 වන දින ව්‍යවස්ථාපිතව පිහිටුවන ලද මෙරට පොලිස් සේවයේ ප්‍රථම පොලිස්පති වූයේ බ්‍රිතාන්‍ය ජාතික පී.ඩබ්.ආර් කැම්බල් මහතා වන අතර වර්තමාන පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා 33 වන පොලිස්පතිවරයා වෙයි.
මෙවර පොලිස් දිනයට සමඟාමී ව ඊයේ (02) පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසයේ දී දිවංගත විල්සන් හෑගොඩ මහතාගේ ඡායාරූපයක් විවෘත කිරීම ද සිදු විය.
මීට අමතර ව පොලිස් අපරාධ වාර්තා කොට්ඨාසය විසින් ලයනල් වෙන්ට් කලාගාරයේ දී සංවිධානය "පොලිස් නෙත්" ඡායාරූප ප්‍රදර්ශනය විවෘත කිරීම ද පොලිස්පතිවරයා අතින් සිදු විය.
DB