නව පාර්ලිමේන්තුවේ මංගල සැසියේ මූලික කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව ප.ව. 3.00ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තු සභා ගර්භයට සම්ප්‍රාප්තවීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව යළි රැස්වෙයි.
ඉන් අතුරුව ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව අමතමින් ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.
මංගල සභාවාරයට තේරීපත් වූ නවක මන්ත්‍රීවරු ,නැවත තේරීපත් වූ මන්ත්‍රීවරු සහභාගී වූ අයුරු දක්නට ලැබුණි.
සභාගර්භයේ දී ඉතාමත් සුහද ලෙස මහජන නියෝජිතයින් එකිනෙකා සුබපතාගන්නා ආකාරය ද දක්නට ලබිණි.
මංගල සභාවාරය දැකබලා ගැනීමට විශාල පිරිසක් මහජන ගැලරියේ සිටිනු දක්නට ලැබිණි.