මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තෙවන පාසල් වාරය අද ඇරඹේ

    අගෝස්තු 31, 2015

    උසස් පෙළ විභාග මධ්‍යස්ථාන හා උසස් පෙළ හා 5 ශිෂ්‍යත්ව ඇගයීම් කටයුතු සඳහා යොදාගන්නා පාසල් හැර දිවයිනේ සියලුම සිංහල හා දෙමළ පාසල් තුන්වන වාරය සඳහා අද (31) විවෘත කෙරේ.

    ඒ අනුව උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු කරන පාසල් 8ක් හා ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කරන පාසල් 21ක් හැර සෙසු සියලුම සිංහල දෙමළ පාසල් අද විවෘත වේ.

    අපොස ( උ.පෙළ) විභාගයේ ඇගයීම් කටයුතු සඳහා පූර්ණ වශයෙන් යොදවා ගනු ලබන පාසල් තෙවන පාසල් වාරය සඳහා විවෘත වන්නේ සැප්තැම්බර් 28 වැනි දාය. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු සඳහා යොදා ගනු ලබන පාසල් සැප්තැම්බර් 15 වැනි දින ආරම්භ කරනු ලැබේ.

    උසස් පෙළ ඇගයීම් කටයුතු සඳහා යොදවා ගනු ලබන කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය පමණක් සැප්තැම්බර් 15 වැනි දින විවෘත කෙරේ.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya