නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වී මිල දී ගැනීම ගැන අනිසි බියක් ඇති කර ගන්න එපා

    අගෝස්තු 28, 2015

    මෙවර යල කන්නයේ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් ගොවීන් තුළ අනවශ්‍ය බියක් ඇති නොකර ගත යුතු බව වී අලෙවි මණ්ඩලයේ සභාපති එම්.බී දිසානායක මහතා පැවසීය.

    වී මිල දී ගැනීම සම්බන්ධයෙන් අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේ දී ඒ මහතා මේ බව සඳහන් කළේය.

     

    ගොවීන් රජයට ලබා දෙන සියලුම වී තොග මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියන් මිලියන 6,000ක මුදලක් රජයෙන් වෙන් කර දී තිබෙන බවත් මේ වන විට ඉන් 50%ක පමණ ප්‍රමාණයක වී මිල දී ගෙන තිබෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

     

    මෙවර යල කන්නයේ වී අස්වැන්න වැඩි වුවද වී මිල දී ගැනීම් නොකඩවා සිදු කෙරෙන බවත් සංවර්ධන නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් වී මිල දී ගැනීම් කඩිනම් කිරීම සඳහා යොදා ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.


    වී ගබඩා කිරීම ද ගැටලුවක් ඇති නොවන ආකාරයෙන් සිදු කිරීම සඳහා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන අතර දිවයින පුර වී ගබඩා 170ක් සූදානම් කර තිබෙන අතර ඉන් ගබඩා 103ක මේ වන විට වී ගබඩා කර තිබේ.

     

    වී මිල දී ගැනීම නියමිත ප්‍රමිතියකින් සිදු වන අතර වී මිල දී ගැනීමේ දී සිදු වන තදබද වළක්වා ගැනීම සඳහා අදාළ පියවර ගැනීමට උපදෙස් ලබා දී ඇති බව සඳහන් කළ දිසානායක මහතා දිස්ත්‍රික් ලේකම්වරුන් ගොවි සංවිධාන සමඟ කාලසටහක් සකස් කර වී අලෙවි කටයුතු සිදු කළ හැකි බව ද පෙන්වා දුන්නේය.

     

    ලබන අප්‍රේල් මස දක්වා අවශ්‍ය සහල් තොග තිබෙන බව ආහාර සුක්ෂිතතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා පැවසීය.

     

    මිල දී ගන්න වී තොග කන්න දෙකක් ඉදිරියට තබා ගන්නා නිසා නිසි ප්‍රතියකින් වී තොග මිල දී ගන්නා බවත් මෙවර රජය වී මිලදී ගැනීමේ 25%ක වර්ධනයක් තිබෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya