ජාත්‍යන්තර වශයෙන් සංවර්ධනය වූ අපරාධවලට එරෙහිව ජාතීන්ගේ සම්මුතිය පරිපූරණය කරමින් විශේෂයෙන් ම කාන්තාවන් සහ ළමයින් ඇතුළත් තැනැත්තන් වෙළඳාම වැළැක්වීම, මර්ධනය කිරීම සහ දඩුවම් පැමිණවීම සම්බන්ධයෙන් වූ ප්‍රෝටෝකෝලය (පැලර්මෝ ප්රොටෝකොලය) පසුගිය ජුනි 15 වැනි දින ශ්‍රී ලංකා රජය අනුමත කර ඇත.
මෙම ප්රොටෝකොලයට ශ්‍රී ලංකා රජය විසින් 2000 වර්ෂයේ අත්සන් තබා ඇති අතර එහි විධිවිධානවලට අනුකූලව ක්‍රියා කරමින් 2006 ආංක 16 දරුණ දණ්ඩ නීති සංග්‍රහය පනත සංශෝධනයක් වශයෙන් ‘තැනැත්තන් වෙළඳාම‘ වරද ලෙස හඳුන්වා දෙන ලදී.
පැලර්මෝ ප්‍රොටෝකෝලයේ අඩංගු අර්ථ නිරූපනය අනුව බලහත්කාරයෙන් හෝ අනිවාර්ය ශ්‍රමය, වහල්භාවය, පරවශතාව, ශරීර අවයව ඉවත් කර ගැනීම, ලිංගික සූරාකෑම සහ වෙනත් යම් එවැනි ක්‍රියාවන් බහුවිධ සූරාකෑම් අපරාධ ක්‍රියාවන් වන බවට සඳහන් කර ඇත.
තැනැත්තන් වෙළෙඳාම නමැති අපරාධයේ බරපතලකම සහ ජාත්‍යන්තර නෛතික කාර්ය රාමුව සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව තුළ මෙම අපරාධවලට එරෙහිව ක්‍රියා කිරීමට අවශ්‍යය වන ව්‍යවස්ථා, ප්‍රතිපත්ති සම නියෝග හඳුන්වාදීමටත්, එමෙන් ම හඳුනාගත් වින්දිතයන්ගේ අවශ්‍යතාවන්ට ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීම සඳහා සම්මත ක්‍රියාවලින් අනුගමනය කිරීම රජය කැප වීමෙන් කටයුතු කරයි.
තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ‘ජාතික සංවිධානයක්‘ 2010 වර්ෂයේ ආරම්භ කර තිබේ. එහි සමාජිකත්වය දරණ රාජ්‍ය ආයතන අතරට විදේශ කටයුතු අමාත්‍යාංශය, විදේශ රැකියා අමාත්‍යාංශය, කාන්තා කටයුතු අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව, පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළත් වේ.
මෙම කාර්යපටිපාටිය විධිමත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ඇතිව සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටිය හඳුන්වා දී ඇත.
එමෙන්ම කාන්තා කටයුතු අමාත්‍යාංශයේ අධික්ෂණය හා කළමනාකාරීත්වය යටතේ තැනැත්තන් වෙළඳාමේ කාන්තා වින්දිතයන් සඳහා රැකවරණ මධ්‍යස්ථානයක් මේ වන විට ස්ථාපනය කර තිබේ.
kpm