නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාගර කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශකවරයා ලෙස අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා පත්කෙරේ

    අගෝස්තු 19, 2015
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මැතිතුමා පසුගිය 13දා සිට සාගර කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස හිටපු නාවික හමුදාපති අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා පත් කරනු ලැබ ඇත.
    අවුරුදු 37ක් පුරා ශ්‍රී ලංකා නාවික හමුදාවේ උදාර සේවාවක් කළ අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා සේවයෙන් විශ්‍රාම යන විට නාවික හමුදාවේ 19 වන නාවික හමුදාපතිවරයා ලෙස සේවය කරමින් සිටියේය. කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ දීප්තිමත් සිසුවෙකුව සිටි ජයන්ත පෙරේරා මහතා 1978 වර්ෂයේදී කැඩෙට් නිලධාරියෙක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවට එක්විය.

     
    නාවික හමුදාවේ ත්‍රීකුණාමලයේ ඇති සාගරික විද්‍යාපීඨයෙන් මූලික පුහුණුව ලද අද්මිරාල් ජයන්ත පෙරේරා ඉන්දියානු හා පාකිස්තානු ආරක්ෂක විද්‍යාපීඨවලින් සිය උසස් පාඨමාලා හදාරා ඇත.

    හමුදාවේ වීරත්වය වෙනුවෙන් පුදනු ලබන රණ වික්‍රම පදක්කම්ලාභියෙකු ද වන ජයන්ත පෙරේරා මහතා නාවික හමුදාවේ සේවය කරමින් සිටියදී කරන ලද විශිෂ්ට සේවාවන් වෙනුවෙන් එම අවස්ථාවන්වල සිටි හමුදාපතිවරුන් අතින් ඉමහත් ප්‍රසාදයට හා සම්මානයට පාත්‍ර වූ නිලධාරියෙකි. 

    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya