මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ නිහඩ කාල සීමාව ඇරඹේ

    අගෝස්තු 15, 2015

    ලබන 17 වැනි දා පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු ඊයේ (14) මධ්‍යම රාත්‍රි 12.00න් පසු අවසන් වී මැතිවරණ නිහඩ කාල සීමාව ආරම්භ විය.

    මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කළේ එම කාලයෙන් පසු කිසිදු ආකාරයක මැතිවරණ ප්‍රචාරක කටයුත්තක නිරතවීම නීතිවිරෝධි බවයි.

     

    මැතිවරණ නීති උල්ලංඝණය කරමින් රට පුරා පවත්නා සාමය කඩ කිරීමට උත්සහ දරන පුද්ගලයන්ට දැඩි දඩුවම් පමුණුවන බවත් ඒ මහතා අවධාරණය කර සිටියි.

     

    මෙම නිහඩ කාල සීමාව, ඡන්දදායකයා හට ඡන්ද අපේක්ෂකයන් පිළිබඳ තමා එකතු කරගත් කරුණු පිළිබඳ ඉතා ගැඹුරින් අධ්‍යයනය කර 17වෙනිදා මැතිවරණය පැවැත්වෙන දිනයේ දී නිවැරදිව තම ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලෙස සලකන බව මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කරයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya