ශ්‍රී ලංකාවේ අපනයන ශක්‍යතාවන් විදහා දක්වමින් ශ්‍රී ලාංකීය නිෂ්පාදකයින්ට, අපනයනකරුවන්ට හා සේවා සපයන්නන්ට විදේශ ගැනුම්කරුවන්, හවුල්කරුවන් හා විභවතාවකින් යුත් ආයෝජකයින් මුණගැස්සවීම සඳහා වන උපායශීලී වෙළඳ ප්‍රවර්ධන ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනයක් ලෙස මෙය සංවිධානය කෙරේ.
මෑත කාලයේදී රට තුළ ඇති වී තිබෙන සුවිශේෂ දේශපාලන හා ආර්ථික සංවර්ධන පසුබිම තුළ ප්‍රදර්ශන, සමුළු, හමුවීම් මෙන්ම සමගාමී වැඩසටහන් සහ කර්මාන්තශාලා නැරඹීමට අවස්ථාවන් යනාදියේ සම්මිශ්‍රණයක් සහිත අගනා ව්‍යාපාරික අත්දැකීමක් මෙමඟින් ලබාගැනීමට හැකිය.
kpm