නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපන් නාවික හමුදාවට අයත් නෞකා දෙකක් කොළඹ වරායට

    අගෝස්තු 07, 2015
    සුහදතාවය වර්ධනය කර ගැනීම සහ සේවා ලබා ගැනීම සඳහා ජපන් නාවික හමුදාවට අයත් “ඉකසුචි” (Ikazuchi) සහ “මුරසමෙ”(Murasame)යන නෞකා දෙක අද (07) කොළඹ වරායට සේන්දු විය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායන්ට අනුව මෙම නෞකාවන් පිළිගන්නා ලදී. 
    නෞකා මෙහෙයුම් ප්‍රධානී වශයෙන් කටයුතු කරන පළවෙනි පරිවාරක්ෂක බලසේනාවේ අණදෙන නිලධාරී කපිතාන් Atsushi Nakasuji, “ඉකසුචි” නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් Kazuharu Hokazono සහ “මුරසමෙ” නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් Kenji Fujil යන නිලධාරීන් බටහිර නාවික විධාන නියෝජ්‍ය ආඥාපති කොමදෝරු කේජී පෝල් මහතා බටහිර නාවික විධාන මූලස්ථානයේ දී හමුවිය. 
    ද්විපාර්ශ්වීය මිත්‍රත්වය හා සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් වැලිසර නාවික කඳවුරේ දී ජපන් නැව් මුළුව හා ශ්‍රී ලංකා නාවික හමුදා බේස්බෝල් කණ්ඩායම අතර සුහද බේස්බෝල් තරගයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
    දෙදින නිල සංචාරයක් සඳහා පැමිණි මෙම නෞකාවන් දිවයිනෙන් පිටත්ව යාමට ප්‍රථම එහි නෞකා මෙහෙයුම් ප්‍රධානී සහ නෞකා අණදෙන නිලධාරීන්, ශ්‍රී ලංකාවේ ජපන් තානාපතිතුමන් හා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් හමුවීමට නියමිතය.
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya