නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආබාධිත ඡන්ද හිමියන් සහායකයෙකු ගෙන යන්න ඉල්ලුම් කරන්න Featured

    ජූලි 27, 2015

    අශක්නුතාවට පත් ඡන්ද හිමියකුට (විශේෂ විධිවිධාන) පනත මඟින් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 40 (ඇ) වගන්තිය අනුව ලබන අගොස්තු 17 වැනි දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී පූර්ණ හෝ අර්ධ දෘෂ්‍යබාධිත තත්ත්වයකට හෝ යම් ශාරිරික අශක්නුතාවයකට පත් ඡන්ද හිමියකුට ඡන්ද පොළේදී ඡන්ද පත්‍රිකාව සලකුණු කර ගැනීම සඳහා සහායකයෙකු කැටුව යා හැකි වන පරිදි නීතිමය ප්‍රතිපාදන සලසා ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

     

    එහෙත් තම කැටුව යන සහායකයා වයස 18 සම්පූර්ණ වූවකු විය යුතු අතර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තරග කරන අපේක්ෂකයෙකු නොවිය යුතුය. එමෙන් ම පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී දේශාපාලන පක්ෂයක බලයලත් නියෝජිතයකු හෝ ඡන්ද පොළ නියෝජිතයෙකු වශයෙන් කටයුතු නොකරන්නකු විය යුතුය. ඊට අමතරව කිසියම් අශක්නුතාවයකට පත් නොවූ අයකු ද විය යුතුය.

     

    ඉහත සඳහන් පරිදි සහායකයකු කැටුව යාම සඳහා අදාළ පනතේ 5 වන උපලේඛනය මඟින් හඳුන්වා දී ඇති යෝග්‍යතා සහතිකයක් අදාළ ඡන්ද පොළෙහි නිලධාරීන් වෙත ඉදිරිපත් කළ යුතුය.

     

    මෙම යෝග්‍යතා සහතිකය ලබා ගැනීම සඳහා අවශ්‍ය ඉල්ලුම් පත සියලුම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලින් සහ ග්‍රාමනිලධාරී කාර්යාලවලින් ලබා ගත හැකිය. දෘෂ්‍යාබාධිත හෝ වෙනත් යම් ශාරිරික අශක්නුතාවයට පත් පුද්ගලයා ග්‍රාම නිලධාරීන්ගෙන් ඉල්ලුම් පත්‍රයක් ලබාගෙන සම්පූර්ණ කර භාර දී ග්‍රාම නිලධාරීන්ගේ සහතිකය ලබාගත යුතු අතර ඉන් අනතුරුව එම සහතිකය රජයේ වෛද්‍ය නිලධාරියෙකු වෙත ඉදිරිපත් කළ යුතුය. වෛද්‍ය නිලධාරී විසින් ඡන්ද හිමියා පරීක්ෂා කර එම ආකෘතියේ ඡන්ද දායකයාගේ යෝග්‍යතාව සටහන් කර සහතික කරනු ලැබේ.

    අශක්නුතාවයට පත් ඡන්ද දායකයා විසින් තමාගේ නිල ඡන්ද දැන්වීම්පත, ජාතික හැඳුනුම්පත හෝ ඡන්ද පොළේදී පිළිගනු ලබන වෙන යම් හැඳුනුම්පතක් සමඟ මෙම යෝග්‍යතා සහතිකය රැගෙන සහායකයා ද කැටුව ඡන්ද පොළ වෙත යා යුතුය. ඡන්ද පොළ කාර්ය මණ්ඩලය විසින් ඡන්දදායකයාගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඡන්ද පොළේ සාමාන්‍ය ක්‍රියාපටිපාටිය අනුගමන කර ඡන්ද පත්‍රිකාවක් නිතුක් කරනු ලබන අතර එම ඡන්ද පත්‍රිකාව සලකුණු කිරීම සඳහා සහායකයා සමඟ ඡන්ද දායකය ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති වෙත යොමු කරනු ලැබේ. සහායකයාද තමාගේ ජාතික හැඳුනුම්පත හෝ ඡන්ද පොළේදී පිළිගනු ලබන යම් හැඳුනුම්පතක් රැගෙන යාම අත්‍යවශ්‍යය.

     

    ඡන්ද පොළේදී ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති විසින් ඡන්ද දායකයාගේ යෝග්‍යතා සහතිකය ලබා ගනු ලබ අතර කැටුව ආ පුද්ගයාගෙන් යෝග්‍යතා සහතිකයේ II කොටසට පහතින් දැක්වෙන අදාළ ප්‍රකාශය සටහන් කරවා ගනු ලැබේ. අනතුරුව ඡන්ද පොළ කාර්ය මණ්ඩලයේ සමාජිකයකු ද සමඟ ඡන්ද හිමියා සහ සහායකයා ඡන්ද කුටිය වෙත කැඳවාගෙන ගොස් ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති හා කාර්ය මණ්ඩල සමාජිකයා ඉදිරියේ ඡන්ද පත්‍රිකාව සලකුණු කරවා ඡන්ද පෙට්ටියට බහාලීමට සලස්වනු ලැබේ.

     

    ඉහත සඳහන් යෝග්‍යතා සහතික නොමැතිව ඡන්ද පොළවෙත සහායකයකු කැටුව යා නොහැකි බව මැතිවරණ කොමසාරිවරයා අවධාරණය කරයි. ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව අදාළ යෝග්‍යතා සහතිකය ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයා ලවා ස්වකීය ඡන්ද පත්‍රිකාව ලකුණු කරවා ගැනීමට අවකාශ ඇති බව ද නිවේදනය කරනු ලබන බව ද මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya