මෙහිදී ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් ගගන බුලත්සිංහල මහතා නව ආරක්ෂක මාණ්ඩලික ප්රධානීවරයා ඉතා උණුසුම් ආකාරයෙන් පිළිගෙන අනතුරුව ගුවන් හමුදාව විසින් උත්තමාචාර පෙළපාලිය පිරිනැමූ විශේෂ පිඨිකාව වෙත කෝලිත ගුණතිලක මහතාව කැඳවාගෙන යන ලදී.
ගුවන් හමුදාපතිවරයාගේ කාර්යාලයේදී ගුවන් හමුදාපතිතුමා හා ආරක්ෂක මාණ්ඩලික ප්රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා අතර කෙටි සුහද සාකච්ඡාවක් පැවැත්වුණ අතර ඉන් පසුව මෙම අවස්ථාව සිහිපත්වීම සඳහා දෙදෙනා අතර සමරු තිළිණ හුවමාරු කර ගැනීමක් ද සිදු කෙරිණි.
NDH/mod